ලිට්‍රෝ සමාගම ලෝක බැංකු ණය ආපසු ගෙවීම අරඹයි

මෙරට ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ලෝක බැංකුවෙන් ලබාගත් ණය මුදල ආපසු මහාභාණ්ඩාගාරය වෙත ගෙවීම ආරම්භ කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ඇමරිකානු ඩොලර් මිලියන 70ක්, එනම් රුපියල් මිලියන 26000ක් වන එම සම්පූර්ණ ණය මුදල දෙසැම්බර් මාසය තුළ ගෙවා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ.

“ලෝක බැංකු ආධාර වශයෙන් ලැබුණු ඩොලර් මිලියන 70ක මුදල අපි නැවත වතාවක් මහාභාණ්ඩාගාරය වෙත ගෙවීම ආරම්භ කළා. අපි සැප්තැම්බර් මාසයේ රුපියල් බිලියන 6.5ක් ගෙව්වා වගේම ඔක්තෝබර් මාසයේ තවත් බිලියන 8ක මුදලක් මහාභාණ්ඩාගාරයට ගෙවීම් කරලා ඉවර කරනවා. එහෙම කරලා දෙසැම්බර් මාසය ඇතුළත රුපියල් බිලියන 26කට ආසන්න මුළු මුදල ලිට්‍රෝ ආයතනයම ගෙවලා නිමකරන්න අපි සැලසුම් සකස් කරලා තියෙන්නෙ” යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූලා නික්ම ගියපසුත් ….

සති මැද්දේ දවසකඅම්මා මතක් උනා කියමින්දුව ආවාය ගෙදරට... මාළු ඇඹුල්...

කථානායකට එරෙහි විශ්වාසභංගයේ චෝදනා ආණ්ඩුවට ඕනෑ හැටියට සංශෝධනය කරන්න බෑ – විපක්ෂයේ දැඩි විරෝධය

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එල්ල වී...

ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස හැරී කේන් කිරුළු පළඳී – කාන්තා Ballon d’Or සම්මානය ඇලෙක්සියා පුටෙලාස්ට!

සටහන – පුලී ඔක්තෝම්බර් 27, LNW (කොළඹ): ලොව පාපන්දු ක්‍රීඩකයකුට හිමි...

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...