රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, කොළඹ LNW :
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැල්ලම්පිටිය ප්රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් කෝටි 20කට අධික වටිනාකමකින් යුත් මත්වූ ද්රව්ය තොගයක් සොයාගෙන තිබේ.
එහිදී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ අයිස් කිලෝග්රෑම් 8ක් සහ හෙරොයින් කිලෝග්රෑම් 4ක් තිබූ බව පොලිසිය තහවුරු කළේය.
මොහු ප්රකට මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන ‘සේදවත්ත කසුන්’ යන අයගේ ප්රධාන සහායකයෙකු ලෙස හඳුනාගෙන ඇත.
බුද්ධි තොරතුරු මත ක්රියාත්මක වූ මෙම මෙහෙයුම කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සාර්ථකව මෙහෙයවන ලදී.
දැනට මෙම ජාවාරම පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු උසස් පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ අඛණ්ඩව සිදුවේ. මෙම වැටලීම මගින් කොළඹ ප්රදේශයේ ක්රියාත්මක වන ප්රබල මත්ද්රව්ය ජාලයක තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.


