*
Friday, September 27, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 09/29

1. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ටෝකියෝ හි අධිරාජ්‍ය මාලිගයේදී නරුහිතෝ අධිරාජ්‍යයා හමුවෙයි. – ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ද පවත්වයි.

2. විදුලිය සඳහා පාරිභෝගිකයන්ගෙන් අයකරන මිල ගණන් වියදමට සාපේක්ෂව අඩු වීම මත විශාල හිඟයකට මඟ පාදන බවත්, මෙ නිසා විදුලි ගාස්තු ඉහළ දැමීම සාධාරණ බවත් විදෙස් අරමුදල් මත යැපෙන ආයතනයක් වන Advocata පවසයි. – බලශක්ති සහනාධාරයට අදාළ මූල්‍ය සම්පාදනය සිදුවන්නේ, වත්මන් ගෙවුම් ශේෂයේ අර්බුදයට සෘජුවම බලපාන ‘මුදල් මුද්‍රණය’ කිරීම හරහා බව ද අවධාරණය කරයි.

3. මෙවර සැමරිය යුත්තේ අන්ධකාරයට නතු වූ නත්තලක් බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති. – නත්තල සැමරීමට මුදල් වියදම් කරනවා වෙනුවට එම මුදලින් දුප්පතුන්ට පහසුකම් සැපයීමට සංචාරක ක්ෂේත්‍රයට අදාළ නායකයන් ක්‍රියා කළ යුතු බව අවධාරණය කරති – කොළඹ නගරය ආලෝකමත් කරමින් උත්සව සැමරීම පිළිබඳව ද විවේචනය කරති.

4. ‘යල්පැන ගිය’ රාජ්‍ය රහස් පනතේ ප්‍රතිපාදන අනුව අධි ආරක්ෂිත කලාප පිහිටුවීමේ නීත්‍යානුකූලභාවය හිටපු විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රශ්න කරයි. – ආන්දෝලනාත්මක ගැසට් පත්‍රය නුදුරේදීම අවලංගු වනු ඇති බව ද වාර්තා වෙයි.

5. රටේ ආර්ථික අර්බුදය තවමත් පවතින්නේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ධුරයට පත් වූ විගස නිවේදනය කළ ණය පැහැර හැරීම හේතුවෙන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

6. අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල ගම්මාන ආරක්ෂා කිරීම සඳහා වන අලි පලවා හැරීමට රතිඤ්ඤා නොමිලේ ලබාදීමට වනජීවී දෙපාර්තමේන්තුව වාර්ෂිකව රු. බිලියන 2.8ක් වැය කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. – මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය සියයට 7 කින් ඉහළ දැමීමෙන් පසුව, 2022 අගෝස්තු දක්වා මාස 5ක් තුළ රජයට රු. බිලියන 398.4ක අමතර පොලියක් දැරීමට සිදුව ඇති බව අනාවරණය වෙයි.

7. ලබන වසර මුලදී පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව නිල නිවේදනයක් නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති පවසයි. – තරුණ පුද්ගලයන්ගේ ඡන්ද හිමි නාමලේඛනය දැන් යාවත්කාලීන වෙමින් පවතින බව ද පවසයි.

8. ලෑලි වලින් තැනූ නිවාස 300ක් පමණ තිබෙන කජීමාවත්ත තදාසන්න ප්‍රදේශයේ නිවාස 60ක් පමණ විනාශ වීමට තුඩුදුන් ගින්නට වගකිව යුත්තේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.

9. ‘ඉතා ගෞරවාන්විත’ පවුල්වලින් පැවත එන ගැහැණු දරුවන් පවා ලිංගික වෘත්තියේ නියැලෙන බව ඇතැම් පොලිස් නිලධාරීන් තමන්ට දැනුම් දුන් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

10. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ජපානයේ ටෝකියෝ නුවරදී විනාඩි 10ක් පමණ පැවති සාකච්ඡාවකදී අදහස් හුවමාරු කර ගනිති – ඉන්දියාවේ ආරක්ෂාවට අනතුරක් වන කිසිවක් ශ්‍රී ලංකාව විසින් සිදු නොකරන බව ජනපති පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan