වියළි කාලගුණයෙන් 96,000 ඉක්මවා පීඩාවට!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:එල්-නිනෝ තත්ත්වය හේතුවෙන් ඇතිවී තිබෙන වියළි කාලගුණය නිසා පීඩාවට පත් පිරිස 96,000 ඉක්මවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන පරිදි දිවයිනේ දිස්ත්‍රික්ක 06ක පුද්ගලයින් 96,056 ක් වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටිති.

අම්පාර, බදුල්ල, මඩකලපුව, මොනරාගල, පොළොන්නරුව, රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 28ක පවුල් 30,011කට අයත් පුද්ගලයින් 96,056 ක් මෙලෙස පීඩාවට පත්ව ඇත.

වියළි කාලගුණය හේතුවෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයෙන් වන අතර ඒ අනුව එම දිස්ත්‍රික්කයේ පවුල්11,751 ක පුද්ගලයින් 37,890 පීඩාවට පත්ව තිබේ.

මේ අතර වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස සඳහා පානීය ජලය බෙදා හැරීමේ කටයුතුද අඛණ්ඩව සිදුවෙමින් පවතී.

ඒ අනුව ආපදාවට ලක්වූ දිස්ත්‍රික්ක 6හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 28ක පුද්ගලයින් 94,356 ක් සඳහා පානිය ජලය බෙදා හැරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...