රේස් දිව්වොත් වැඩ වරදී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, කොළඹ LNW :

මගීන්ගේ සහ රියදුරන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීමේ අරමුණින්, දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සඳහා කෘතිම බුද්ධි (AI) තාක්ෂණය හඳුන්වා දීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ ප්‍රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත, ජාතික මාර්ග ආරක්ෂණ සභාවේ සම්බන්ධීකරණයෙන් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ (NTC) අධීක්ෂණය යටතේය.

ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස, දුර ගමන් සේවා පෞද්ගලික බස් රථවල තාක්ෂණික උපකරණ සවිකිරීමේ කටයුතු අද (5) කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේදී ආරම්භ කෙරිණි.

මුල් අදියරේදී බස් රථ 10ක මෙම AI පද්ධති සවිකෙරෙනු ඇත. ඒවායේ කාර්යක්ෂමතාව සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව ඇගයීමක් සිදු කිරීමෙන් අනතුරුව, දිවයින පුරා ධාවනය වන අනෙකුත් බස් රථ සඳහා ද මෙම තාක්ෂණය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

දුර ගමන් සේවා බස් රථවලදී මගීන් සහ රියදුරන් මුහුණ දෙන අවදානම් අවම කිරීමට සහ මාර්ග ආරක්ෂාව වැඩිදියුණු කිරීමට AI තාක්ෂණය යොදා ගැනීම මෙම වැඩසටහනේ අරමුණයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...