රූමතියන් අතික්‍රමණය කරමින් ඩොමිනිකන් ජනරජයේ Joheirry Mola Dominguez 73 වැනි මිස් වර්ල්ඩ් කිරුළ දිනාගනී!

ඩොමිනිකන් ජනරජයේ ජොහෙයිරි මෝලා ඩොමින්ගෙස් 2026 වසරේ 73 වැනි මිස් වර්ල්ඩ් කිරුළ දිනා ගනිමින් ලෝක රූ රැජින ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළාය.

අවසන් තරගයේදී ස්පාඤ්ඤයේ එලිසබෙත් රෙයිනෙස් පළමු අනුශූරිය ලෙසත්, මැලේසියාවේ තානුසියා චෙට්ටි දෙවැනි අනුශූරිය ලෙසත් තේරී පත්වූහ. නව ලෝක රූ රැජිනට කිරුළ පැළඳවනු ලැබුවේ පසුගිය වසරේ 72 වැනි මිස් වර්ල්ඩ් තරගයේ ජයග්‍රාහිකාව වූ තායිලන්තයේ ඔපාල් සුචාතා චුවාංස්රි විසිනි.

මිස් වර්ල්ඩ් සංවිධානය ජොහෙයිරි මෝලා ඩොමින්ගෙස් හඳුන්වා දෙන්නේ “කැපවූ අධ්‍යාපනවේදිනියක්, ප්‍රජා සේවා ක්‍රියාකාරිනියක් සහ දක්ෂ සන්නිවේදිකාවක්” ලෙසිනි. ඇය Universidad Iberoamericana විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය සහ පරිපාලනය පිළිබඳ උපාධියක් ලබා ඇත.  

ඇය ආරම්භ කළ “Voices of Tomorrow” සංවිධානය හරහා අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්හි දරුවන් සහ තරුණයන් සඳහා ඉංග්‍රීසි අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට කටයුතු කරයි. එමෙන්ම ඇය ඉංග්‍රීසි භාෂාවෙන් සාහිත්‍යය සහ සමාජ අධ්‍යයනයන් උගන්වමින් තරුණ පරපුරේ විවේචනාත්මක චින්තනය සහ සමස්ත පෞරුෂ සංවර්ධනය දිරිමත් කරයි.

ජොහෙයිරි, Univision New York හි Ventana a Quisqueya වැඩසටහනේ වාර්තාකාරිනියක ලෙස ද කටයුතු කරමින් ඩොමිනිකන් සංස්කෘතිය, සමාජ ගැටලු සහ ප්‍රජාවන්ගේ කතාන්දර ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් වෙත ගෙන යාමට දායක වී ඇත. ඇය Goya Gives තානාපතිනියක මෙන්ම වෘත්තීය නිරූපිකාවක ද වේ.  

ශ්‍රී ලංකාවේ ප්‍රතිභා ලියනාරච්චිගේ කැපී පෙනෙන ගමන!

මෙවර 73 වැනි මිස් වර්ල්ඩ් තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ ප්‍රතිභා ලියනාරච්චි විසිනි. 27 හැවිරිදි තාක්ෂණික නිර්මාණ ශිල්පිනියක සහ නිරූපිකාවක වන ඇය, මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. ඇය 2025 වසරේ Miss World Sri Lanka කිරුළ දිනා ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම ජාත්‍යන්තර තරගයට සුදුසුකම් ලැබුවාය.  

ප්‍රතිභාගේ ජාත්‍යන්තර තරග ගමන ශ්‍රී ලංකාවට සුවිශේෂී අවධානයක් ගෙන දුන්නේ ඇය විවිධ fast-track අංශවල කැපී පෙනෙන දස්කම් දැක්වීම හේතුවෙනි. ඇය Beauty With a Purpose අංශයේ Top 24, Talent අංශයේ Top 23, Sports Challenge අංශයේ Top 24 සහ Top Model අංශයේ Top 60 අතරට පැමිණීමට සමත් වූවාය.  

ඇයගේ “Beauty With a Purpose” ව්‍යාපෘතිය වන HOOP The Label හරහා ශ්‍රී ලංකාවේ අඩු පහසුකම් සහිත කාන්තාවන් සහ දේශීය ශිල්පී ප්‍රජාවන් සවිබල ගැන්වීම සඳහා කටයුතු කරයි. දේශීය අත්කම්, නිර්මාණශීලීත්වය සහ වෙළෙඳපොළ අවස්ථා එකට සම්බන්ධ කරමින් ප්‍රජාවන්ගේ ආර්ථික සහ සමාජීය සවිබල ගැන්වීම ඇයගේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි.  

මෙවර Beauty With a Purpose වැඩසටහනේ ආසියා සහ ඕෂනියා කලාපයේ අවසන් තරගකරුවන් අතරට ද ප්‍රතිභා ලියනාරච්චි තේරී පත්වීම ශ්‍රී ලංකාවට තවත් ගෞරවයක් ගෙන දුන් අවස්ථාවක් විය. එම ලැයිස්තුවේ මැලේසියාවේ තානුසියා චෙට්ටි ද සිටි අතර, ඇය අවසානයේ සමස්ත තරගයේ දෙවැනි අනුශූරිය බවට පත්විය.  

ලෝක රූ රැජින කිරුළ ඩොමිනිකන් ජනරජය වෙත ගියද, ප්‍රතිභා ලියනාරච්චිගේ තරග ගමන ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වේදිකාවේ ගෞරවනීය ලෙස නියෝජනය කළ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. සුන්දරත්වය පමණක් නොව, සමාජ සේවය, අධ්‍යාපනය, නිර්මාණශීලීත්වය සහ ප්‍රජා සවිබල ගැන්වීම වැනි කරුණු මිස් වර්ල්ඩ් තරගයේ ප්‍රධාන අංග බව මෙවර තරගය නැවතත් තහවුරු කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...