සටහන – රුවන් නෙළුගොල්ල
අද (සැප්තැම්බර් 07) දිනයේදී ඌව, මධ්යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්රික්කවලත් පස්වරු 02.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
දෘශ්ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා ශ්රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද (07) දින දහවල් 12:08 ට ගාල්ල, අංගුළුගහ, ඉමදූව, තෙලිජ්ජවිල, යටියන සහ තංගල්ල යන ප්රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.


