ඉන්දියාවේ ගබ්සා කිරීමේ අයිතිය නීතිගත කෙරේ.

Date:

සියලුම කාන්තාවන්ට ආරක්ෂිත, නීත්‍යානුකූල ගබ්සා කිරීමට ඇති අයිතිය ඉන්දියාවේ ඉහළ අධිකරණය විසින් ඊයේ (29)දින නීත්‍යානුකූලව පිළිගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය පවසන්නේ අවිවාහක කාන්තාවන්ට ගැබ් ගෙන සති 24ක් ඇතුළත ගබ්සා කිරීමේ තේරීම ප්‍රතික්ෂප කළ නොහැකි බවයි.

ඉන්දියාවේ ඉහළ අධිකරණය විසින්නු මෙම තීරණය ලැබුවේ 25 හැවිරිදි කාන්තාවක් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමකට ප්‍රතිචාරයක් වශයෙනි. ඇයගේ ගැබ් ගැනීම සම්මුති සම්බන්ධතාවයකින් සිදු වූ නමුත් එය අසාර්ථක වූ විට ඇය ගබ්සා කිරීමට උත්සාහ කර ඇත. ඒ අනුව ඇයට නීත්‍යානුකූලව ගබ්සා කිරීමට ‌සෞඛ්‍ය ආරක්ෂිත අයිතියක් ඇති බව අධිකරණය විසින් තරවුරු කරන ලදි.

ප්‍රජනන යුක්තිය පිළිබඳ උනන්දුවක් දක්වන බෙංගාලෝර්හි ජාතික නීති විද්‍යාලයේ ශාස්ත්‍රාලිකයෙකු වන අපර්ණා චන්ද්‍රා පැවසුවේ ඉන්දීය ව්‍යවස්ථාව යටතේ කාන්තා අයිතිවාසිකම් ගැන අප සිතන ආකාරය කෙරෙහි මෙම තීන්දුව දුරදිග යන බලපෑමක් ඇති කරන බවයි.

පසුගිය ජුනි මාසයේදී එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 50ක් පුරාවට ගබ්සා කිරීමට කාන්තාවට තිබූ අයිතිය Roe v Wade මඟින් අවලංගු කිරීමෙන් පසු ගෝලීය වශයෙන් කාන්තා අයිතිවාසිකම් පිළිබඳ පුළුල් මතවාදයක් ඇති විය. මෙය ඉතා වැදගත් තීන්දුවක් වන්නේ අධිකරණය ඉදිරියේ ඇති නිශ්චිත ප්‍රශ්නයට නොව පුළුල් ලෙස කාන්තා අයිතිවාසිකම් සඳහා ය. ලොව පුරා සිටින කාන්තාවන් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන යුගයක ඉන්දියාවේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සංවිධාන ඉහළ අධිකරණයේ ෙමම තීරණය ඉන්දීය කාන්තාව ලැබූ විශාල ජයග්‍රහණයක් වශයෙන් දක්වා ඇත.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...