සටහන : සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 08 : යේමනයේ අල්-හස්ම් ප්රදේශයේ බන්ධනාගාරයකට එල්ල වූ ගුවන් ප්රහාරයක් හේතුවෙන් පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් ඇති බව හූති පාලනය යටතේ පවතින මාධ්ය වාර්තා කරයි.
මෙම ප්රහාරය සෞදි අරාබිය විසින් එල්ල කළ බවට හූති සංවිධානය චෝදනා කරන අතර ප්රහාරය හේතුවෙන් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවත්, මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්රියත්මක කෙරෙමින් පවතියි.
ප්රහාරය හේතුවෙන් බන්ධනාගාරයේ කොටසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයින් සොයා මුදාගැනීමේ මෙහෙයුම් ක්රියාත්මක වෙමින් පවතියි.
කෙසේ වෙතත්, මෙම ප්රහාරය සම්බන්ධයෙන් සෞදි අරාබියෙන් නිල ප්රතිචාරයක් මෙතෙක් නිකුත් වී නොමැත.

