තවත් අපරාධ කල්ලි සාමාජිකයකු අද (09) දිවයිනට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09, කොළඹ LNW :

පසුගිය ජනවාරි 09 වැනිදා ‘කොණ්ඩ රංජි’ නැමැත්තා ඉතාලියට පලායාමට උත්සාහ කිරීමේදී ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව, ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ මෙම අපරාධ කල්ලි සාමාජිකයා රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ අද (09) උදෑසන දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

එරට ආරක්ෂක අංශ විසින් ඔහු සමඟ ඔහුගේ බිරිඳ සහ දරුවන් ද අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව බිරිඳ සහ දරුවන් මුදාහැර ඇති බව වාර්තා වේ.

එවකට, හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් ද ‘කොණ්ඩ රංජි’ පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු බවද වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගංජා කිලෝ 43ක් සමඟ සුරාබදු නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථයකින් වියළි ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි...

අයවැයට එරෙහි අද විරෝධතාවට අපි නෑ – පිස්කල්වරුන්ගේ සංගමය සහ ලඝුලේඛක සංගමය කියයි

2027 අයවැයට එරෙහිව වෘත්තීය සමිති රැසක් විසින් අද (23)...

නවක ලේඛක ලේඛිකාවන් ඇගයෙන ”උල්පතෙන් අලුත් ගඟක්” සාහිත්‍ය සම්මාන උළෙල 27 දා!

කොළඹ LNW:‘උල්පතෙන් අලුත් ගඟක්’ සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය එළඹෙන 27වන...

IPL සවි එසවීමේ ශූරතාවලියේදී රන්සිළු ජයතිලකගෙන් ලෝක වාර්තාවක් සමග රන් පදක්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි...