අද (11) දිනයේදී පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම්දී ඇති බව වාර්තා වේ.
ඒ, ප්රශ්නගත මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබාගැනීම සඳහා ය.
මෙම විමර්ශනයට අදාළව හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක ද ඊයේ දිනයේදී FCIDයට කැඳවා තිබූ අතර එහිදී ඔහුගෙන් පැය පහක පමණ කාලයක් ප්රශ්න කරමින් ප්රකාශයක් සටහන් කරගෙන තිබිණි.
මීටපෙර සිකුරාදා දිනයන්හි අල්ලස් කොමිසම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි විමර්ශන ඒකකවලට කැඳවනු ලැබූ හිටපු දේශපාලනඥයින් බොහෝවිට අත්අඩංගුවට ගෙන, සවස් වරුවේ අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කෙරෙනු ද දක්නට ලැබී ඇත.


