සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 13 : ඉරානයේ සහාය ලබන යේමනයේ හූති සංවිධානය, දකුණු සෞදි අරාබියේ හමුදා කඳවුරකට ප්රහාරයක් එල්ල කළ බව ප්රකාශ කර තිබේ.
හූති සංවිධානය සඳහන් කර තිබුනේ, මෙම ප්රහාරය සඳහා සෞදියේ ආයුධ ගබඩා සහ හමුදා අණදෙන හා පාලන මධ්යස්ථාන කිහිපයක් ඉලක්ක වූ බවත් ඒ වෙනුවෙන් ඩ්රෝන යානා සහ මිසයිල භාවිත කළ බවත් ය.
කෙසේ වෙතත්, හූති සංවිධානය විසින් ඉදිරිපත් කළ ප්රහාරයට අදාළ සියලු තොරතුරු ස්වාධීනව තහවුරු වී නොමැත. කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් උණුසුම් වෙමින් පවතින අතර, යේමනයේ පවතින ගැටුම් හේතුවෙන් සෞදි අරාබිය ඇතුළු කලාපයේ රටවල ආරක්ෂාව පිළිබඳ අවධානය යොමුව තිබේ.

