සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 13 : පසුගිය පැය 48ක කාලය තුළ යේමනයේ පළාත් හතකට සෞදි ගුවන් හමුදාව විසින් ගුවන් ප්රහාර 129ක් එල්ල කළ බවට යේමන හුති සංවිධානය චෝදනා කරයි.
හූති සංවිධාය විසින දකුණු සෞදි අරාබියේ හමුදා අණදෙන හා පාලන මධ්යස්ථාන කිහිපයක් ඉලක්ක කරමින් එල්ල කරන ලද ප්රහාර හා සෞදි අරාබියේ ප්රධාන East-West තෙල් නළ මාර්ගයට එල්ල කරන ලද ප්රතිචාර වශයෙන් සෞදි අරාබිය මෙම ප්රහාරය දියත්කර තිබූ අතර හුති හමුදා ප්රකාශක බ්රිගේඩියර් ජෙනරාල් යාහ්යා සරී සඳහන් කර ඇත්තේ Taiz, Marib, Hodeidah, Al-Jawf, Saada, Amran සහ Hajjah යන පළාත්වලට මෙම ගුවන් ප්රහාර එල්ල වූ බවයි.
හුති සංවිධානයේ ප්රකාශයට අනුව, ප්රහාර සඳහා සෞදි ගුවන් හමුදාවේ F-15 සහ Typhoon වර්ගයේ ප්රහාරක යානා යොදාගෙන තිබේ.
එම ප්රහාරවලදී සන්නද්ධ රථ, හුති කඳවුරු සහ ආයුධ ප්රවාහන මාර්ග ඇතුළු හුති සංවිධානයට සම්බන්ධ ඉලක්ක වෙත ප්රහාර එල්ල වූ බවටද වාර්තා වේ.
කෙසේ වෙතත්, ගුවන් ප්රහාර 129ක් එල්ල වූ බවට වන මෙම සංඛ්යාව සහ ප්රහාරවල ඉලක්ක පිළිබඳ තොරතුරු සෞදි බලධාරීන් විසින් මේ වන විට ස්වාධීනව තහවුරු කර නොමැති අතර යේමනයේ දිගුකාලීන ගැටුම හේතුවෙන් සෞදි අරාබිය සහ හුති සංවිධානය අතර ආතතිය කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන්ද දැඩි අවධානයට ලක්ව තිබේ.

