එප්පාවල මාලිමා බලය බිඳවැටෙයි. සමූප ඡන්දයේ ජය විපක්ෂයට

එප්පාවල විවිධ සේවා සමූපකාරයේ බලය හෙබවූ ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජය කරමින් උණුසුම් ජයග්‍රහණයක් වාර්තා කිරීමට පොදු විපක්ෂ කණ්ඩායමට හැකිවී තිබේ.

එම සමූපකාර සමිතියට අයත් ප්‍රාදේශික 13හිම ඡන්ද විමසීම ඊයේ (13) පැවැත්විණි. එහිදී සභික ධුර 113න් 59ක්ම පත්කරගනිමින් බහුතර බලය ලබාගැනීමට පොදු විපක්ෂ කණ්ඩායමට හැකිවූ අතර ජාතික ජන බලවේගයේ කණ්ඩායමට ලැබී තිබුණේ සභික ධුර 53ක් පමණි.

මෙම ඡන්ද විමසීමේදී මාලිමාවේ කණ්ඩායම අවසන් මොහොතේ පවා සාමාජික ලැයිස්තු වෙනස් කරමින් අසාධාරණ ලෙස සමිතියේ බලය යළිත් දිනාගැනීමට දැඩි උත්සාහයක නිරත වූ බවට විපක්ෂයේ නියෝජිතයින් චෝදනා කරනු ද දක්නට ලැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...