බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 14 : බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අද(14)දින වන විට ඩොලර් 107 දක්වා ඉහල ගොස් තිබේ.

මේව්න විට හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය සහ සෞදි අරාබිය විසින් ඉරානයේ පිටුබලය ලබන යේමනයේ හවුති ප්‍රහාර හේතුවෙන් ඔවුන්ගේ East-West ප්‍රධාන තෙල් නළ මාර්ගය වසා දැමීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් තියුණු ලෙස ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, අද(14)දිනය වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 107 ඉක්මවා ගිය අතර, ඇතැම් වෙළෙඳපොළ දත්ත අනුව එය ඩොලර් 108 ආසන්නයට ද ළඟා වී ඇත.

ඇමෙරිකාව හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව පැවසුවද, වෙළෙඳපොළ තවමත් එම මාර්ගය සම්පූර්ණයෙන්ම ආරක්ෂිත සහ සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි විශ්වාස නොකරයි.

ඇමරිකා හා ඉරානය අතර ගැටුම් ආරම්භ වීමට පෙර ලෝකයේ දෛනික තෙල් සැපයුමෙන් සැලකිය යුතු කොටසක් මෙම මාර්ගය හරහා ප්‍රවාහනය විය. එහෙත් මේ වන විට එම මාර්ගය හරහා ගමන් කරන වෙළෙඳ නැව් සංඛ්‍යාව සාමාන්‍ය මට්ටමට වඩා බෙහෙවින් අඩු බව වාර්තා වන අතර ඒ නිසා තෙල් වෙළෙඳුන් තවමත් සැපයුම් අර්බුදයක් ඇතිවීමේ අවදානම මිලට ඇතුළත් කරමින් සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...