සටහන – රුවන් නෙළුගොල්ල
පාර්ලිමේන්තු මන්ත්රී එම්. එස්. අබ්දුල් වාහිද් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වන ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත ලබාදී ඇති බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් හංස අබේරත්න මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත.
මෙම ඉල්ලා අස්වීම 2026 සැප්තැම්බර් 14 වනදා සිට බලපැවැත්වෙන බවත් ඒ අනුව දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බවත් 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(5) වගන්තිය ප්රකාරව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති වෙත දැනුම් දී ඇති බව සඳහන්.



