සංසාරයම තුඹසකි
චක්‍රාවාට භවනකි
වක්‍රාකාර උපතකි
ශිෂ්ඨාචාර හැව නැති
කම්පා විඳින පපුවකි
තම්බා බුදින වෙහෙසකි
එම්බා සර්ප දැහැනකි
නිම්මා නොමැති ගමනකි
ගංගා නිම්න මනසකි
වොල්ගා නදිය කවියකි
පෙම්මා වඩන සුසුමකි
ශෘංගාරයද දහමකි
මාරාවශේෂ ජොලියකි
පාරා වළලු සුළියකි
ජාගර කල්ප එළියකි
ධාරණ ගර්භ නිධියකි
වර්ෂා ඍතු දෙබසකි
සංකා ධාතු විඳිතැකි
ධාරානිපාත බැල්මකි
කාලාවකාශ වගුවකි
චිත්තාවේග රුවලකි
නිද්‍රා රහිත හබලකි
ඉස්පාසුවට ඉවුරකි
සප්පායමට උදුනකි
කෘන්තක දන්ත ඉඩ ඇති
අජටාකාශ හිදැසකි
නිර්වාණයට ලොබ නැති
උල්කාපාත රිදුමකි
ශ්‍රද්ධා රහිත බැඳුමකි
කට්ටම කෑව දැක්මකි
සක්වා ලිහිණි බැල්මකි
රික්තය දකින මිනිසෙකි
~ කුමාර හෙට්ටිආරච්චි



