ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ මහතා දැන් සිටින්නේ දෑස් බැඳගෙන බවත් ඒ මහතාගේ පාලනය තුළ රටට සිදුවන විනාශය අනුව ඒ බව පැහැදිලිව පෙනෙන බවත් හිටපු අමාත්‍ය ජොන්ස්‍ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ප්‍රශ්නය – කොහොමද ඔබතුමන්ලාගේ රැලිය සාර්ථකද එදා ?

“රැලියේ සාර්ථකත්වය පේනවානෙ. අහන්න දෙයක් නෑනෙ”

ප්‍රශ්නය – ජනාධිපතිතුමා කියනවා එතුමා දැන් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ඇස් බැඳගෙනලු ඉන්නෙ, කිසිදෙයක් පේන්නෙ නැහැලු ?

“එයාට කිසිදෙයක් පේන්නෙ නෑ, ඇස් බැඳගෙනම තමා ඉන්නෙ. රට පාලනය කරන විදිහෙන් පේනවා ඒක. එයාම කියපු එක හොඳයි. එයාගෙ ඇස් පේන්නෙ නෑ කියලා මිනිස්සු දන්නවා, කනුත් ඇහෙන්නෙ නෑ කියලා. ඒක පේනවා කරන වැඩවලින් රටේ විනාශය. එතුමාට දැන් පොලොන්නරුවේ කියපු එක මතක නෑ අනුරාධපුරේ. අනුරාධපුරේ කියන එක පොලොන්නරුවේ මතක නෑ. ඇත්ත ස්වභාවය එළියට එනවා දැන්”

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ නඩු කටයුත්තකට සහභාගී වීම සඳහා ඊයේ (15) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ කොටුව...

ඥානසාර හිමි අධිකරණයට: නඩුව ලබන 30 වනදා දක්වා කල් තැබේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ඉස්ලාම් දහමට නිග්‍රහ...

ශ්‍රී ලංකා – තායිලන්ත සබඳතා දැඩි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : විදේශ කටයුතු, විදේශ...