නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (16) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

එහිදී ඔහුව ශ්‍රීල­න්කන් ගුවන් සේව­යට එයා­ර්බස් මිල දී ගැනී­මේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍ර­මි­කතා සහ මුදල් විශු­ද්ධි­ක­රණ සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරු වශයෙන් නම්කිරීමට නියමිත බව සඳහන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් අනුව මෙසේ නාමල් රාජපක්ෂව අදාළ සිද්ධියේ ප්‍රධාන සැකකරු වශයෙන් නම්කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට A330 වර්ගයේ ගුව­න්යානා හයක්, A350 ගුව­න්යානා හත­රක් මිලදී ගැනීමට සහ තවත් A350 ගුව­න්යානා හත­රක් බදු පදනම මත ලබාගැනීමට යාමේදී අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් එවකට ශ්‍රීල­න්කන් ගුවන් සමා­ගමේ හිටපු විධා­යක නිල­ධා­රි කපිල චන්ද්‍රෙස්න, ඔහුගේ බිරිය ප්‍රියංකා නියො­මාලි සහ හිටපු කථා­නා­යක චමල් රාජ­පක්ෂ මහ­තාගේ පුත් ශමීන්ද්‍ර රාජ­පක්ෂ යන අය­ව­ලුන් සැකකරුවන් වශයෙන් නම්කරමින් මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම ඒකාබද්ධව සිදුකරගෙන යනු ලබයි.

මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පසුගිය 04 වනදා අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී නාමල් රාජපක්ෂව අත් අඩංගුවට ගනු ලැබූ අතර එදිනම ඔහුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...