ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා විදේශ කටයුතු ඇමති හමුවට!

Date:

ගරු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා 2022 සැප්තැම්බර් 30 වැනි දින, විදේශ කටයුතු  අමාත්‍යංශයේ දී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මැතිතුමා හමුවිය. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු  දූත මණ්ඩල ප්‍රධානියා ලෙස පත් වූ කොමසාරිස්වරයාට විදේශ කටයුතු අමාත්‍යවරයා සිය සුබපැතුම් පළ කළේ ය.

දේශීය අභියෝගවලට මුහුණ දීම සඳහා ඕස්ට්‍රේලියාව මෑතක දී පිරිනැමූ කඩිනම් මානුෂීය ආධාර මෙහිදී විදේශ කටයුතු අමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා මෙහිදී බලශක්ති ක්ෂේත්‍රයේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා පවතින ශක්‍යතා පිළිබඳව සඳහන් කළේ ය. ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයා ඕස්ට්‍රේලියානු සමාගම්වලට ඇරයුම් කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී බහුපාර්ශ්වික මට්ටමෙන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු ඇතුළු ද්විපාර්ශ්වික කරුණු ගණනාවක් පිළිබඳව ද සාකච්ඡා කළේය.

විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම හමුව සඳහා සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2022 ඔක්තෝම්බර් 02 වැනි දින 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභාව : සර්වජන බලයේ සහායත් විපක්ෂයේ අපේක්ෂකයාට !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා අද (16)...

අවසන් මොහොතේ සාගල එජාපයට නියෝජ්‍ය නගරාධිපති ලබාගැනීමේ අවස්ථාව විනාශ කරයි ?

කොළඹ නියෝජ්‍ය නගරාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීමට තිබූ...

කොළඹ එජාප කණ්ඩායම උදෙන්ම සාගලගේ නිවසේ රැස්වෙයි. ඒකමතික තීන්දු දෙකක් !

කොළඹ මහ නගර සභාව සඳහා තේරී පත්ව සිටින එක්සත්...