වැඩිම වේගවත් ඉන්ටනෙට් ජාලයෙන් රටම ආවරණය කරන්න 4G කුලුණු 1000ක් රටපුරා ගහනවා – ජනපති

සටහන – රුවන් නෙළුගොල්ල

වැඩිම වේගවත් අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා 4G සංඥා කුලුණු 1000ක් ඉදිරි වසර තුන තුළ රටපුරා ඉදිකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“වැදගත්ම දේ අපේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය. ආණ්ඩුවත් එක්ක කරන්න තියෙන ගොඩක් වැඩ ගෙදර ඉඳන් කරන්න පුළුවන් වෙන විදියට මේ ඩිජිටල් පද්ධතිය සවිමත් කරනවා. ඒ ඩිජිටල් පද්ධතිය සවිමත් කරනකොට හැබැයි සිග්නල් තියෙන්න ඕනෙ. වහලෙට නගින්න, කන්ද උඩට නගින්න, ෆෝන් එක ඔබ ඔබා වටේ දුවන්න … එහෙම වැඩක් නෑනෙ. ඒ නිසා අපි ඉදිරි අවුරුදු 3 ඇතුළත වැඩිම වේගවත් ඉන්ටනෙට් ජාලය 4G ලංකාව පුරාම ආවරණය දෙන්න අලුතින් කුලුණු 1000ක් ගහනවා. ලබන අවුරුද්දට අපි කුලුණු 250ක් වෙන් කරනවා, අවුරුදු 3ක් ඇතුළත කුලුණු 1000ක් ගහලා මුළු රටම ආවරණය කරනවා. එතකොට තමන්ට ගෙදර ඉඳන් මේ කාර්යයට මැදිහත් වෙන්න පුළුවන්. ඒ කියන්නෙ මොකක්ද ? එක පැත්තකින් අපි අලුත් දේශපාලන පරිවර්තනයක් ඇති කරනවා, අනිත් පැත්තෙන් ජනතාවගේ ජන ජීවිතයේ ඇතිවී තිබෙන ගැටලුවලට අපි විසඳුම් හොයමින් තිබෙනවා”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (20) අකුරැස්සේදී පැවති “අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” ජනහමුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල් වීරවංශට වරෙන්තු!

කොළඹ LNW:හිටපු ඇමතිවරයෙක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්...

ආර්ථික හා වෙළඳ ප්‍රශ්න සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අතර සාකච්ඡා!

කොළඹ LNW:චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ කණ්ඩායම් අතර සාකච්ඡාවක් ඊයේ(20)...

චෝදනා 23000 ඉක්මවා එල්ල වූ පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2019 පාස්කු ඉරු දින කතෝලික දේවස්ථාන,...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකෙනෙක ගැටී අනතුරක්: පිරිසක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දක්ෂිණ අධිවේගී මාර්ගයේ...