ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් තද වැසි සම්බන්ධයෙන් නවතම නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව එම නිවේදනය හෙට 22 දින පෙ. ව 07.00 දක්වා වලංගු බව දක්වා තිබේ.
එම නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි දක්වා ඇත්තේ.
ඇතැම් ස්ථානවල මි.මි.100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



