දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකෙනෙක ගැටී අනතුරක්: පිරිසක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW :

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර ප්‍රදේශයේදී බස් රථ සහ මෝටර් රථ ඇතුළු වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් බරපතල රිය අනතුරක් සිදුව තිබේ.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පාසල් ළමුන් ඇතුළු පුද්ගලයින් දස දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

අනතුර හේතුවෙන් එම මාර්ගයේ කොළඹ දෙසට වන මංතීරුවල දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති අතර, රථවාහන ගමනාගමනය පාලනය කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

තදබදය අවම කිරීම සඳහා ගාල්ලේ සිට පැමිණෙන වාහන දොඩංගොඩ පිටවීමේ දොරටුවෙන් පිටතට යොමු කිරීමට කටයුතු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල් වීරවංශට වරෙන්තු!

කොළඹ LNW:හිටපු ඇමතිවරයෙක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්...

ආර්ථික හා වෙළඳ ප්‍රශ්න සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අතර සාකච්ඡා!

කොළඹ LNW:චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ කණ්ඩායම් අතර සාකච්ඡාවක් ඊයේ(20)...

චෝදනා 23000 ඉක්මවා එල්ල වූ පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2019 පාස්කු ඉරු දින කතෝලික දේවස්ථාන,...

උස්බෙකිස්ථානයේ Centrum Air ඔක්තෝබර් අග සිට මත්තලට ගුවන් ගමන් අරඹයි!

කොළඹ LNW:උස්බෙකිස්තානයේ Centrum Air ගුවන් සේවය 2026/27 උතුරු ශීත...