කොළඹ LNW: 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමඟි ජන බලවේගය විසින් අද (24) පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වන පොල්දුව හංදියේ විරෝධතාවක් පැවැත්විය.
කබීර් හෂීම්,හර්ෂණ රාජකරුණා,රෝහිණි කවිරත්න,චමින්ද්‍රානී කිරිඇල්ල ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඊට එක්ව සිටි අතර සමඟි ජන බලවේගයේ පාක්ෂික සහයද ඊට ලැබී තිබුණි.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල කරන්නක් බවටයි ඔවුන් චෝදනා කළේ.
ඒ අනුව එම ව්‍යවස්ථා සංශෝධනය නැවත හරවා ගන්නා ලෙස බල කෙරුණි.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න


























