වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

සටහන – රුවන් නෙළුගොල්ල

බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් පවතින අතර ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වයට මෙම පද්ධතියේ බලපෑම අද දිනයේ සිට ක්‍රමයෙන් අඩුවේ යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද (සැප්තැම්බර් 25) දිනයේදී බස්නාහිර, සබරගමුව, දකුණු ,මධ්‍යම සහ වයඹ පලාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උද්ධමනය සහ පොලී අනුපාතික : ඉදිරියේදී වෙන්නේ මොනවාද ?

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2026 අගෝස්තු මාසයේ උද්ධමනය...

කෝටි 30ක මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් කෝටි 30කට අධික වටිනාකමින් යුත්...

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...