තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් වෙයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මෙරට වනාන්තර පද්ධතිය මතු පරපුරට රක්ෂිත කර ආරක්ෂා කිරීමේ වැඩසටහන වන “වනස්පති” ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය සදතැන්න වන විද්‍යාලයේදී හෙට (26) එම කාර්ය සිදු වනු ඇති.

නුවරඑළිය වන විද්‍යාලයේ සිදු කිරීමට නියමිත ක්ෂේත්‍ර චාරිකා වැඩසටහනකදී අමාත්‍යවරයා විසින් මෙම ගැසට් පත්‍ර සඳහා අත්සන් තැබීම සිදු කිරීමට නියමිත අතර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි වන සංරක්ෂක ජනරාල් එස්. සී පාලමකුඹුර මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුමන් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වීමට නියමිතයි.

ඒ අනුව හෙට දිනයේ නුවරඑළිය,කෑගල්ල අම්පාර, බදුල්ල, වව්නියාව හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක තුල පිහිටි වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් වන අතර එහි භුමි ප්‍රමාණය හෙක්ටයාර 9538කට ආසන්නයි.

මේ වන විට වත්මන් රජයේ පරිසර අමාත්‍යංශය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව වනාන්තර 93ක් රක්ෂිත ලෙස ගැසට් කර ඇති අතර හෙට දිනයේ ගැසට් වන රක්ෂිත සමග ඒවායෙහි මුළු භූම් ප්‍රමාණය හෙක්ටයාර 65,000කට ආසන්නය.

පරිසර අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වනස්පති ජාතික වැඩසටහන ලෙස හඳුන්වන්නේ වෘක්ෂ සමූහයක් සඳහා තම ආරක්ෂාව හා පෝෂණය ලබා දෙන මහා දැවැන්ත රැකවරණයක් වන අතර එය වනාන්තර පද්ධතියක මුරකරුවා ලෙසද හැදින්විය හැකියි.

ශ්‍රී ලංකාවේ වටිනා වන සම්පත සහ ජෛව විවිධත්වය අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කරලීම වෙනුවෙන් පරිසර අමාත්‍යාංශය මඟින් “වනස්පති” ජාතික වැඩසටහන ආරම්භ කරනු ලැබුවේ 2025 වසරේ ජගත් පරිසර දිනයේ සිටට.

මෙම ජාතික වැඩසටහන පරිසර අමාත්‍යංශයට අනුබද්ධ ආයතනයක් ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තු‍වේ මැදහත්වීමෙන් මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටියි.

ජාතික ජන බලවේග රජයේ “තිරසර ජෛව ගෝලයක් – සදාහරිත ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රධානතම පොරොන්දුවක් වූ ලස්සන පරිසරයක් මතු පරපුරට උරුම කරදීම උදෙසා කැපවීමේ එක් අරමුණක් ලෙස 2032 වසර වන විට ශ්‍රී ලංකාවේ සමස්ත වනාන්තර ප්‍රමාණය 32% කින් ඉහළ නැංවීමේ දිගුකාලීන ඉලක්කය සපුරා ගැනීම වෙනුවෙන් මෙරට සංවේදී වනාන්තර කලාප නීත්‍යානුකූලව ආරක්ෂිත රක්ෂිත බවට පත් කිරීමේ සිදු වෙයි.

2025 වසරේ ජගත් පරිසර දිනයෙන් ඇරඹි මෙම ජාතික වැඩසටහන ඔස්සේ වසරක් ඇතුළත එනම් 2026 ජගත් පරිසර දිනය දක්වා කාලය තුළ පමණක් වනාන්තර 86ක ප්‍රමාණයක් රක්ෂිත ලෙස ආරක්ෂා කිරීමට හැකියාව ලැබී ඇති අතර එය ලාංකේය ඉතිහාසයේ මෙතෙක් වසරක් තුළ රක්ෂිත ලෙස ආරක්ෂා කරන ලද වැඩිම වනාන්තර ප්‍රමාණයයි.
ඒ අතුරින් නිවර්තන තෙත් සදාහරිත වනාන්තර, කඳුකර සහ උප කඳුකර වනාන්තර, නිවර්තන වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, අතරමැදි කලාපීය අර්ධ සදාහරිත වනාන්තර සහ මුහුදුබඩ සහ කඩොලාන වනාන්තර යන වනාන්තර වර්ග රක්ෂිත ලෙස ආරක්ෂා වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සරණ ගුණවර්ධනගේ බිරිඳ අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : හිටපු නියෝජ්‍ය අමාත්‍ය...

දිට්වා’ වැනසූ උමා ඇළ මහා වාරි ව්‍යාපෘතියේ ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතුවල දැන් තත්ත්වය මෙන්න!

කොළඹ LNW:පසුගිය 'දිට්වා' සුළි කුණාටුවේ දරුණු බලපෑමෙන් දැඩි ලෙස...

දූෂණ චෝදනාවක්: හිටපු බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : බුද්ධශාසන අමාත්‍යාංශයේ හිටපු...

බැංකු ගිණුම්, වාහන ලියාපදිංචිය සහ ඉඩම් ගනුදෙනු සඳහා TIN අංකය අනිවාර්ය කිරීමට පියවර!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : දේශීය ආදායම් දෙපාර්තමේන්තුව...