බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26:
තායිලන්තයේ අගනුවර වන බැංකොක් නගරය ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදා කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

පසුගිය පැය 48 තුළ මිලිමීටර් 300ක (අඟල් 12ක) පමණ වර්ෂාපතනයක් ලැබීමෙන් පසු ඇති වූ පුළුල් ගංවතුර තත්ත්වය හේතුවෙන්, බැංකොක් නගරාධිපතිවරයා විසින් අද(26) දිනයේදී තායිලන්තයේ අගනුවර ‘ආපදා බලපෑමට ලක්වූ කලාපයක්’ ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. පවතින අධික වර්ෂාපතනයත් සමඟ නගරයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති අතර, මාර්ගවල ගමනාගමනයට ද දැඩි බලපෑම් එල්ල වී ඇත.

බැංකොක්හි දිස්ත්‍රික්ක 50ම ආපදා ප්‍රතිචාර කටයුතු යටතට ගෙන ඇති අතර, බලපෑමට ලක් වූ ජනතාව සඳහා සහන සහ තාවකාලික නවාතැන් පහසුකම් සැපයීමට බලධාරීන් කටයුතු කරමින් සිටී.

කාලගුණ බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ ඉදිරි දිනවලදී ද තද වැසි ඇතිවිය හැකි බැවින් ගංවතුර තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...