රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW :
දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අද වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ තිබේ.
මෙම පියවර ගෙන ඇත්තේ ‘ක්‍රිෂ්’ (Krrish) සමාගමෙන් රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළවය. අදාළ අල්ලස් මුදල ලබාගෙන ඇත්තේ දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින නිමල් පෙරේරා නම් පුද්ගලයෙකු මාර්ගයෙන් බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සිටි ‘ක්‍රිෂ්’ සමූහ ව්‍යාපාරයේ හිටපු විධායක නිලධාරිනිය සහ අධ්‍යක්ෂිකාව වන ජානකී සිරිවර්ධන මෑතකදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.


