රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW :
ඉන්දියානු නිවාස සංවර්ධන සමාගමක් වන ක්‍රිෂ් සමූහය සමඟ සිදු වූ මතභේදාත්මක ගනුදෙනුවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබේ.
මෙම මූල්‍ය අක්රමිකතාවයට අදාළ නඩුවේ හතරවන විත්තිකරු ලෙස ඔහුව නම් කර ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය වී ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙහෙයවනු ලබන මෙම නීතිමය ක්‍රියාදාමය යටතේ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමටද පියවර ගෙන තිබේ.
සිද්ධියට අදාළ විමර්ශන කටයුතු මේ වන විටත් අධිකරණ මට්ටමින් ඉදිරියට ක්‍රියාත්මක වේ.


