යේමන හමුදාවෙන් හූති ඉලක්ක වෙත පැය 72කදී එල්ල කළ ප්‍රහාර 756 හේතුවෙන් මියගිය හෝ තුවාල ලබූ සංඛ්‍යාව 2316 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28:
යේමනයේ ජාත්‍යන්තරව පිළිගත් රජයට අනුබද්ධ හමුදා පවසන්නේ ගෙවුණු පැය 72 තුළ හූති සටන්කාමීන්ගේ ඉලක්ක වෙත හමුදා මෙහෙයුම් 756ක් සිදු කළ බවයි.

යේමන හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් මජීඩ් අබ්දුල්ලා අල්-නුසයිලි සඳහන් කර ඇත්තේ, එම මෙහෙයුම්වලදී හූති සාමාජිකයන් 2,316 දෙනෙකු මියගොස් හෝ තුවාල ලබා ඇති බවට හමුදාව ගණන් බලා ඇති බවයි.

මෙහෙයුම් සඳහා ගුවන් යානා, ඩ්‍රෝන, ක්ෂේත්‍ර කාලතුවක්කු, රොකට් විදින යන්ත්‍ර සහ ස්නයිපර්වරුන් යොදාගත් බවද ඔහු පවසා තිබේ.

Saada හි Kitaf, Al-Baqa සහ Alab ප්‍රදේශවලට අමතරව Al-Jawf, Marib, Al-Bayda, Lahj සහ Taiz යන ප්‍රදේශවල හූති ඉලක්ක වෙත මෙහෙයුම් සිදු කළ බව යේමන හමුදාව පවසයි.

හමුදා ප්‍රකාශයට අනුව, මෙහෙයුම්වලදී හමුදා වාහන, මිසයිල විදින ස්ථාන, අවි ගබඩා සහ අනෙකුත් හමුදා උපකරණ කිහිපයක් විනාශ කිරීම හෝ අක්‍රීය කිරීම සිදුව ඇත.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාර ස්වාධීනව තහවුරු කර නොමැති අතර හූති පාර්ශ්වයෙන්ද එම ප්‍රකාශයට එවකට නිල ප්‍රතිචාරයක් ලබා දී නොතිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

77 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සිදු කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන...

ශෂීන්ද්‍රට එරෙහි දූෂණ නඩුව: ඔක්තෝබර් 08 මූලික විරෝධතා පිළිබඳ නියෝගය! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : හිටපු රාජ්‍ය අමාත්‍ය...

රුමේෂ් යළිත් ඉතිහාසය ගතවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ මලල...

22 ඉවරයි දැන් මාතෘකාව IMF යනවද නැද්ද?

උපාලි කොළඹගේකොළඹ LNW:ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසදෙවැනි සංශෝධනය සම්මත වී දැන්...