නඩු දෙකක් සඳහා නාමල් අද අධිකරණයට !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (29) දිනයේදී නඩු දෙකක් සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ, ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවට සහ එයාර් බස් ගනුදෙනුවට අදාළ නඩුවට වශයෙනි.

ආන්දෝලනාත්මක එයාර් බස් ගනුදෙනුවේදී රුපියල් මිලියන 100ක් අල්ලස් වශයෙන් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවට අදාළ නඩුවට නාමල් රාජපක්ෂ මහතාව අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. එම නඩුවේදී ඒ මහතා වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද දිනයේදී ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් පසුගිය නඩුවාරයේදී (18) ප්‍රකාශ කර තිබිණි.

එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රය, ක්‍රිෂ් පෞද්ගලික සමාගමට බදු දීමේදී රුපියල් මිලියන 70ක් අල්ලස් වශයෙන් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවට අදාළ නඩුව ලබන මස 06 වනදා කැඳවීමට නියමිතව තිබුණ ද එම නඩුවත් අද දිනයේදීම කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (28) නියෝග කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහත වැටෙයි – ඉල්ලුමට වඩා සැපයුමේ ඉහළ යාමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස්...

Jay Shah නැවතත් නිතරඟයෙන් ICC සභාපති ධුරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW: බාලි (Bali) හි පැවැති...

සංචාරක ආදායමේ වැඩිවීමක් පෙන්නු කළත් පැමිණි සංචාරකයින්ගේ අඩුවීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඔක්තෝබර් මාසයේ දී සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති...

විපක්ෂ නායක සජිත් කථානායකවරයාගෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන්...