රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW :
නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද ස්වර්ණාභරණ තොගයක් සමඟ කාන්තාවක කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඩුබායි සිට පැමිණි මෙම කාන්තාව, අදාළ ස්වර්ණාභරණ තොගය ගුවන් තොටුපළෙන් පිටතට ගෙන යාමට උත්සාහ කිරීමේදී ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
ගමන් බෑගයක පාර්සල් 12ක අසුරා තිබූ ග්‍රෑම් 916ක් බරැති මෙම ස්වර්ණාභරණ තොගයට වළලු සහ මාල අයත් වේ.
අත්අඩංගුවට ගත් භාණ්ඩවල අගය රුපියල් 36,628,937ක් පමණ වන බව තක්සේරු කර ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අංගොඩ, හල්ගහදෙනිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවකි.


