ඉරාකයෙන් ඇමෙරිකානු හමුදා ඉවත් වෙයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30:
ඉරාකයේ ඉතිරිව තිබූ සිය හමුදා කඳවුරුවලින් ඇමෙරිකානු හමුදා ඉවත් වීමත් සමඟ එරට ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් නව අවධානයක් යොමුව තිබේ.

මෙම ඉවත් වීමෙන් ඉරානයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායම්වල බලපෑම වැඩි විය හැකි අතර, ISIS සංවිධානයට යළි ක්‍රියාකාරී වීමට අවස්ථාවක් ලැබිය හැකි බව ඉරාක ආරක්ෂක නිලධාරීන් සහ විශ්ලේෂකයන් පෙන්වා දෙති.

ඇමෙරිකානු හමුදා මීට පෙර ISIS පරාජය කිරීමේ මෙහෙයුම්වලදී ඉරාක හමුදාවට බුද්ධි තොරතුරු, ගුවන් නිරීක්ෂණ සහ වෙනත් ආරක්ෂක සහාය ලබාදී තිබූ අතර මේ වනවිට එම සහාය නොමැතිව ඉරාක ආරක්ෂක අංශවලට රටේ ආරක්ෂාව පවත්වාගෙන යාම විශාල අභියෝගයක් වනු ඇතැයි ඇතැම් නිලධාරීන් පවසති.

ඇමෙරිකානු හමුදා ඉවත් වීම 2024දී එකඟ වූ සැලැස්මක් අනුව සිදුවන අතර, 2003දී ආරම්භ වූ ඇමෙරිකානු හමුදා මැදිහත්වීමෙන් වසර 23කට පසු මෙම ඉවත් වීම සිදුවීම විශේෂත්වයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සරත් සෘතුවේ දී දම් පාට හීතර් මල්වලින් පිරුණු කවිත්වයෙන් අනූන මෙයයි එංගලන්තය……..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : වල් හෙඩ්ලන්ඩ්ස් (wild...

කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය අද (01) සිට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : කඩදාසි රහිත රේගු...

ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අභිමානයෙන් ලොව ජයගන්න කාන්තා සහ ළමා කටයුතු ඇමතිවරියගෙන් ආරාධනා!

කොළඹ LNW:දරුවන් ශාරීරිකව මෙන්ම මානසිකවද සුරක්ෂිත කිරීමටත්,ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු...