ටිල්වින් සිල්වා සහ BJP නියෝජිතයින් අතර සාකච්ජා!

කොළඹ LNW:මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු කණ්ඩායම පසුගිය 28 වන දින භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන වගකීම දරන ජාතික මහලේකම් ශ්‍රී බී. එල්. සන්තෝෂ් මහතා හමුවී සාකච්ඡාවක නිරත වී තිබේ.

මෙහිදී භාරතීය ජනතා පක්ෂයේ ඉතිහාසය සහ සංවිධාන ව්‍යුහය සම්බන්ධයෙන් ද, ග්‍රාමීය මට්ටම දක්වා පක්ෂ සමාජිකත්වය සංවිධානය කිරීමට කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන්ද, ඉන්දියාවේ සංවර්ධනය සම්බන්ධයෙන් ගෙනයන ව්‍යාපෘති සහ වැඩපිළිවෙළවල් සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ලබාදෙන නායකත්වය සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් විස්තර කර ඇත.

තවද දෙරට අතර සම්බන්ධතාවය සහ මිත්‍රත්වය වර්ධනය කර ගැනීමේදී පක්ෂ දෙක අතර මිත්‍රත්වය හා අවබෝධය වර්ධනය කර ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති බව සඳහන්.

තවද මෙම සාකච්ඡාවට සමගාමීව භාරතීය ජනතා පක්ෂයේ කාන්තා සංවිධානයේ ජාතික සභාපති ශ්‍රීමති රාජ්කුමාරි චෞද්‍රි මහත්මිය සමඟද, භාරතීය ජනතා පක්ෂයේ තරුණ සංවිධානයේ නියෝජිතයින් වන ශ්‍රී විනීත් වත්ස් ත්‍යාගී මහතා සහ භක්ති ශර්මා මහත්මිය සමඟ ද සාකච්ඡා පවත්වා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 අයවැය: නොවැම්බර් 12 සිට දෙසැම්බර් 14 දක්වා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : 2027 අයවැය නොවැම්බර්...

2027 මාර්තු මාසයෙන් පසු සිදුවන්නේ කුමක්ද? ශ්‍රී ලංකාවේ ඉදිරි පියවර IMF විසින් පෙන්වා දෙයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකාව සිය...

ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලය...

රාජ්‍ය මුදල් අවභාවිතය: රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ හිටපු ජනාධිපති...