නීතීඥවරියකගේ නිවසේ සේප්පුව උස්සලා. සැකකරු දින පහකින් අහුවෙයි !

වැල්ලවත්ත, කවිරත්න පෙදෙසේ පිහිටි නීතීඥවරියකගේ නිවසක තිබූ රුපියල් කෝටි දෙකක පමණ රන් භාණ්ඩ සහිත සේප්පුවක් සොරාගත් පුද්ගලයකු දින 05ක් වැනි කෙටි කාලයක් තුළ අත් අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලීසිය පවසයි.

මෙසේ සොරාගෙන ඇත්තේ ෆයිසා මරික්කාර් නමැති නීතීඥවරියගේ නිවසේ තිබූ සේප්පුවකි. එහි පවුම් 39.5ක රන් භාණ්ඩ තිබී ඇති බව සඳහන්. මෙම නීතීඥවරිය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතාගේ සහෝදරියක් බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

මෙම සොරකම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇත්තේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු වන “වැල්ලවත්තේ උබයා” නැමැති අයෙකි. ඔහු අපරාධ ගණනාවකට බන්ධනාගරගතව සිට මීට සති දෙකකට පමණ ඉහතදී ඇප මත නිදහස්ව පැමිණි අයකු වන අතර ඔහුත් සමග තවත් ත්‍රීරෝද රථ රියදුරෙකු ද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

සිය නිවසේ තිබූ සේප්පුව සොරාගෙන ඇති බවට නීතීඥවරිය විසින් පසුගිය 24 වනදා පොලීසියට කළ පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ වී ඇති අතර නිවසට ඇතුළු වූ පුද්ගලයා එසේ ඇතුළු වී ඇත්තේ නිවසේ උඩුමහලේ වහළය කඩාගෙන බව අනාවරණය වී ඇත. අවට නිවාසවල සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී සැකකරු ඇඳ ඇතිරිල්ලකින් එම සේප්පුව ආවරණය කරගෙන කරමත තබාගෙන යන දර්ශන සොයා ගැනීමට හැකිවී තිබේ.

ඉන්පසු එම සැකකරු වැල්ලවත්ත කළ්‍යාණි පාරේ නිවසක සිටින බවට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී සැකකරු සන්තකයේ තිබී සොරාගත් රන් භාණ්ඩවලින් පවුම් 30ක් පමණ බර රන් භාණ්ඩ හමුවී ඇති අතර ඊට අමතරව ඔහු සතුව තිබී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13ක් ද හමුවී ඇත.

සේප්පුව සොරා ගැනීමෙන් අනතුරුව ඔහු කලකට ඉහතදී පදිංචිව සිටි බොරලැස්ගමුව වේරහැර වත්ත ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසකට රැගෙන ගොස් එය කපා එහි තිබූ රන් ආභරණ පිටතට ගෙන එයින් කීපයක් බොරලැස්ගමුව ප්‍රදේශයේ රන් ආභරණ වෙළෙඳසලකට උකස් කර මත්ද්‍රව්‍ය මිලදී ගෙන මිතුරා සමග ඒවා පානය කළ බවත්, තවත් කොටසක් බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණූ බවත්, සැකකරුගෙන් අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

ඊට අමතරව සැකකරු රන් භාණ්ඩ උකස්කර ගත් මුදල්වලින් ඇඳුම් මිලදී ගැනීම මෙන්ම ඔහුගේ පෞද්ගලික බැංකුවක ඇති ගිණුමට රුපියල් 145,000ක මුදලක්ද බැර කර ඇති බවට ප්‍රශ්න කිරීමේදී වැඩිදුරටත් අනාවරණය වී බව පොලිසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිලිත්ගේ රිට් පෙත්සම ප්‍රතික්ෂේපයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : අධිකරණයට අපහාස කිරීමේ...

2027 අයවැය: නොවැම්බර් 12 සිට දෙසැම්බර් 14 දක්වා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : 2027 අයවැය නොවැම්බර්...

2027 මාර්තු මාසයෙන් පසු සිදුවන්නේ කුමක්ද? ශ්‍රී ලංකාවේ ඉදිරි පියවර IMF විසින් පෙන්වා දෙයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකාව සිය...

ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලය...