හයිටියේ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ; මරණ සංඛ්‍යාව හත දක්වා ඉහළට

Date:

ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව 2022 ඔක්තෝබර් 2වන විට හයිටියේ, මරණ 7 ක් ඇතුළුව කොලරා රෝගීන් 20 කට වඩා වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය සේවා නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන තිබේ. ඒ අනුව කොලරාව ඉතා ඉක්මනින් පැතිර යා හැකි බැවින් රටතුළ පවතින කල්ලි ප්‍රචණ්ඩත්වය සහ කැරිබියන් ජාතියේ අනාරක්ෂිතභාවය මධ්‍යයේ රෝගය ව්‍යාප්තවනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු අඟවා ඇත.

කොලරාව යනු ජලය පානය කිරීම හෝ කොලරා බැක්ටීරියා වලින් දූෂිත ආහාර අනුභව කිරීම නිසා ඇති වන රෝගයකි. එය දරුණු පාචනය මෙන්ම වමනය, පිපාසය සහ අනෙකුත් රෝග ලක්ෂණ ඇති කළ හැකිය. අපද්‍රව්‍ය හා පානීය ජලය ප්‍රමාණවත් ලෙස පිරිපහදු නොකළ ප්‍රදේශවල මෙම රෝගය වේගයෙන් පැතිර යා හැකිය. හයිටියේ අවසන් වරට කොලරා රෝගයක් වාර්තා වූයේ 2019 ජනවාරි මාසයේදීය. එමඟින් ආසන්න වශයෙන් පුද්ගලයින් 10,000 ක් මිය ගොස් 820,000 ක් පමණ ආසාදනය විය.

මේ වන විට රට තුළ ඉන්ධන මිල ඉහළ නැංවීම, නිවැසියන් සහ වෛද්‍ය පහසුකම් පිරිසිදු ජලය සහ ගෑස් සඳහා ඇති ප්‍රවේශය කපා හැරීම සම්බන්ධයෙන් කෝපයෙන් සන්නද්ධ කල්ලි හයිටියේ අගනගරය වන පෝට්-ඕ-ප්‍රින්ස් සහ ඒ අවට මාර්ග අවහිර කිරීම් සිදු කර ඇති බැවින් හයිටි නරක අතට හැරෙන මහජන සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳ අර්බුදයකට මුහුණ දෙමින් සිටියි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ හයිටි රජය කොලරාව පැතිරීම පාලනය කිරීමට සහ ජීවිතාරක්ෂක ක්‍රියාමාර්ග සැපයීමට දරන උත්සාහයට සහාය දෙන බවයි.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...