දකුණේ මිනීමැරුම්වලට හේතුව ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය අක්‍රිය වීමද ?

දකුණේ පාතාලය යළිත් හිස ඔසවමින් පවතින අතර මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ දිනෙන් දින වාර්තා වෙමින් පවතී.

මීට මූලිකම හේතුව වී ඇත්තේ මේ පාතාලයින්ට එරෙහිව පසුගිය සමයේ දැඩි ලෙස ක්‍රියාත්මක වූ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මේ වනවිට අක්‍රිය මට්ටමක පැවතීම බවයි පොලිස් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේ. මෙම පොලිස් ඒකකය අනෙකුත් පොලිස් ස්ථාන සහ පොලිස් විශෙෂ කාර්ය බලකාය සමග එක්වෙමින් පාතලය මර්දනය කිරීම සඳහා සාර්ථක මෙහෙයුම් රැසක නියැළී තිබිණි.

එහෙත් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු ප්‍රධානීන් කිහිපදෙනෙකුටම පසුගිය දිනවල ස්ථාන මාරුවීම් ලබාදී තිබිණි. එමෙන්ම මෙම ඒකකයේ විමර්ශන නිලධාරීන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ද ඇත. එසේවෙතත් එම තනතුරු සඳහා වෙනත් නිලධාරීන් පත්කර එවා නොමැති බැවින් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මේ වනවිට අක්‍රිය මට්ටමක පවතින බව සඳහන්.

මේ දිනවල නිතර නම කියැවෙන ‘ලොකුපැටී’ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන්ගේ කල්ලිවලට පහසුවෙන් අපරාධවල නියැළීමට අවස්ථාව ලැබී ඇත්තේ මේ නිසා බව පොලිස් අභ්‍යන්තර ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...