වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුවට ගොස් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඇය ඊයේ (05) රාත්‍රි 11.26ට පමණ මැලේසියාවේ සිට මෙරටට පැමිණි MH 179 දරණ ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිණ ඇති බව සඳහන්.
සිරිලිය සවිය අරමුදලට සම්බන්ධ ගිණුමේ සිදුවූ බව පැවසෙන මූල්‍ය අක්‍රමිකතා හා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණෙන ලෙස ඇයට පසුගියදා කැඳවීමක් ද සිදුකර තිබිණි.


