සතිය තීරණාත්මකයි.කථානායකට ඉල්ලා අස්වෙන්නැයි සජබෙ යළි ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා භාරදීමට තීරණය කර තිබේ.

ඒ,සමගි ජන බලවේගයේ ඊයේ (05) පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දීය.

චෝදනා 49ක් සම්බන්ධයෙන් කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව සකස් කර ඇති අතර ඊට අත්සන් කිරීමේ කටයුතු අද (06) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිත බව සඳහන්.

කෙසේවෙතත් පවතින තත්ත්වය අනුව කථානායකවරයාට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයේ පාරදෘශ්‍යභාවය වෙනුවෙන් ඔහු එම ධුරයෙන් ඉල්ලා ඇස විය යුතු බවට ස්මාන්ගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අවධාරණය කරති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමේ විමර්ශනයක් පවතින විට එම කොමිෂම් සභා පනතේ සංශෝධනයන් සහතික කිරීමට ඔහුට පවතින හැකියාව ප්‍රශ්න අකරණ බවයි.

ඒ අනුව මේ සතිය තීරණාත්මක සතියක් වනු ඇති බවත් කථානායකවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම මේ මොහොතේ සිදුකළ යුතු දෙය බවත් මන්ත්‍රීවරයා පවසන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවම ඉන්ධන තොග පවත්වාගෙන යන ලෙස ඉන්ධන සමාගම්වලට නියෝග…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : සියලුම ඉන්ධන...

‘ක්‍රිෂ්’ ගනුදෙනුව : නාමල් අධිකරණයට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකා පොදුජන...

ශිරන්තිගේ අපේක්ෂිත ඇප අයදුම : FCID ස්ථානාධිපතිට නොතීසි

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත්...

ඔකිනාවා ඛේදවාචකය: ඇමෙරිකානු මැරීන් භටයාගේ අත්අඩංගුවට පත්වීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ජපානයේ ඔකිනාවා හි...