එදාවේල හම්බ කරන් කන මිනිස්සු ජීවත් වෙන්න විදියක් නැතුව කෝටි 15,000ක කනකර බඩු උගස් තියලා – නාමල් රාජපක්ෂ

කොළඹ LNW:අහිංසක ගොවියෝ, ධීවරයෝ, කම්කරුවෝ එදාවේල හම්බ කරන් කන මිනිස්සු ජීවත් වීමට ක්‍රමයක් නොමැතිව කෝටි 15,000ක කනකර බඩු උගස් තබා ඇතැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින පාර්ලිමේන්තුව අමතමිනි.

ආණ්ඩුව බලයට පැමිණ වසර දෙකක් ගතව ඇතත් පොරොන්දු වෙච්ච කිසිවක් කර නොමැති අතර එය වසාගැනීම වෙනුවෙන් මර්දනය යොදාගනිමින් සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

”දැන් ආයේ තෙල් පෝලිම් ටික ඇවිල්ලා තියෙනවා. ඩීසල්, පෙට්‍රල් ප්‍රශ්නයක් තියෙනවා. ජනාධිපතිතුමා පළවෙනි රැස්වීමේ කිව්වා අපි ලෝක වෙළඳපොලේ මිල වැඩි වුනත් අපි වැඩි කරන්නේ නැහැ කිව්වා. ඒ ගානට මතකයි හිනා යනවා කියනකොට. ඒ ගානටම දෙනවා කිව්වා. කොමිස් ටික අයින් කරගෙන, බදු අඩු කරනවා කිව්වා. බාන ගානට දෙනවා කිව්වා. ඒවා නැහැ, බාන ගානට දෙනවා කිව්වා දැන් බාන ගානටත් තෙල් නැති කරලා. හැබයි අනික් පැත්තෙන් මොකද්ද කරේ? රුපියල් 100කින් ඔබතුමාලා බලය ගත්තට පස්සේ රුපියල් 100කින් තෙල් වැඩි වෙලා තියෙනවා. ආයේ බදු අයින් කරලත් නැහැ. බදු රුපියල් 30කින් වැඩි වෙලා පහුගිය කාලෙට වඩා.”

එදා ජීවිත බේරගැනීමට මහා සංඝරත්නය පිටිපස හැංගි ජීවිතය බේරගත්තු ඔබ, අද එලව එලව මහා සංඝරත්නයට පහර දෙමින් සිටින බවද රාජපක්ෂ මහතා සඳහන් කරන ලදී.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ සම්පූර්ණ කතාව,

​”ගරු සභාපතිතුමිය, මෙන්න අපේ මන්ත්‍රීතුමා අවසාන කළේ 2030 ගොවියා මෙතැනින් එහාට ගෙනියනවලු. කොහෙටද මහා මුහුදටද? දැන් ගොවියාව ගිහින් දාන්න ඉතුරු වෙලා තියෙන්නේ එච්චරයි.

​බලයට එනකොට ආවේ ගොවියාට උපරිම සහන දෙනවා කියලා. හැබයි අද මොකද්ද වෙලා තියෙන්නේ? ඔබතුමාලා ගොයම් කැපෙන කාලෙට පිටරටින් හාල් ගේනවා. ගොයම් කැපෙන කාලෙට ගරු සභාපතිතුමිය, මොන ආණ්ඩුවද පිටරටින් හාල් ගේන්නේ? මෙට්‍රික් ටොන් ලක්ෂ හතරක විතර හාල් ප්‍රමාණයක් පිටරටින් ගේනවා.දැන් කතා කරනවා ගොවියා ආරක්ෂා කරන්න.

​අන්තිමට අන්තිම පාරට කිව්වා හාල් ගේන්නේ නැහැ, ආයේ ජීවිතයට හාල් ඇටයක් පිටින් ගේන්නේ නැහැ කිව්වා. ගෙනාවොත්, ආයේ පෑන් පාර ගාපු විදිය දැක්කනේ අපි. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ගොවියාගේ පොහොර ටික වෙලාවට යන්නේ නැහැ. දැන් කියනවා වී මිලදී ගන්නවලු. ගබඩා වලට දීපු වී වලට සල්ලි ගෙවලා නැහැ මාස ගානකින්. ගබඩා වලට දීපු වී වලට සල්ලි ගෙවලා නැහැ.

කුඩා මෝල් හිමියන්ට ණය දෙනවා කිව්වා වී ගන්න. ඒ දෙන මුදලත් අරගෙන කුඩා මෝල් ටික දුවන්න බැහැ, ඒවා වැහිලා යනවා. ​ගොවියා අන්ත අසරණ තැනට ගෙනැල්ලා තියෙනවා. අන්ත අසරණ තැනට. හැබයි ඒ තියෙද්දිත් ආණ්ඩුව මොකද්ද කරන්නේ? ඒ තියෙද්දිත් ආණ්ඩුව ගොවියාගේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව, ගරු සභාපතිතුමිය, ආණ්ඩුව තමන්ගේ න්‍යාය පත්‍රයේ ඉන්නවා. මොකද්ද තමන්ගේ න්‍යාය පත්‍රය? මේ හැම ප්‍රශ්නයක්ම යට ගහන තැන.

මම දැක්කා පහුගිය දිනවල රත්තරන් බඩු. මේ ගොවි මහත්තුරුන්ගේ, ධීවරයාගේ, කම්කරුවාගේ, මේ කෝටිපතියෝ මේ ආණ්ඩුව දැන් මේ ආශ්‍රය කරන තමන්ගේ හිතවතුන් ව්‍යාපාරිකයෝ ගේ රත්තරන් බඩු නෙවෙයිනේ ගරු සභාපතිතුමිය උකස් තියන්නේ. අහිංසක ගොවියෝ, ධීවරයෝ, කම්කරුවෝ එදාවේල හම්බ කරන් කන මිනිස්සු ජීවත් වෙන්න විදියක් නැතුව කෝටි 15,000ක කනකර බඩු උගස් තියලා තියෙනවා. IMF එකෙන් මේ මහ ලොකුවට පහුගිය දවසේ මම දැක්කා උජාරුවට කියනවා ඩොලර් මිලියන 250ක් 300ක් හම්බවුනා කියලා.

ඒ වගේ දෙගුණයක්, හම්බන්තොට වරාය හදන්න ගියා වගේ ප්‍රමාණයෙන් භාගයක්, ඩොලර් මිලියන 500කට ආසන්න ප්‍රමාණයක් කනකර බඩු උගස් තියලා තියෙනවා. IMF එක අපිට ගියපාර තිබ්බ වාරිකය වගේ දෙගුණයක් වටිනාකමක් කනකර බඩු උගස් තියලා මේ රටේ අහිංසක මිනිස්සු. අද ආණ්ඩුව කතා කරනවා මේ මේ ගොවියා ආරක්ෂා කරන්න.

​ගොවියා කෙසේ වෙතත් ඔබතුමාලා මහා පරිමාණයේ ව්‍යාපාරිකයෝ ආරක්ෂා කරන බවක් නම් ගරු සභාපතිතුමිය පේනවා. එක පැත්තකින් උද්ධමනය වැඩි වෙනවා. රැකියා අඩු වෙනවා, විරැකියාව වැඩි වෙනවා. ඔබතුමාලා උපාධිධාරීන්ට පොරොන්දු වුනා රැකියා දෙන්න. අන්තිමට මොකද්ද වුනේ? දැන් හිනා වෙවී ඉන්නවා. උපාධිධාරීන් එටන් අයින් වෙලා ඒ ගෙවල් වලට හොයාගෙන ආවට පස්සේ අපිට මතක් වෙයි.

රැකියා දෙන්න පොරොන්දු වුනා, ලණු දුන්නා, උපාධිධාරීන් රැවැට්ටුවා, ගෙයින් ගෙට යැව්වා. අවසානයේ මොකද්ද කරේ? ඒ උපාධිධාරීන්ට රැකියා දෙන්න කටයුතු කරෙත් නැහැ.

​දැන් මම දැක්කා පහුගිය දිනවල අපේ සෞඛ්‍ය ඇමතිතුමා ලොකුවට කිව්වා මේ 33 කෝටියක් දෙවියන්ගෙන් වුනත් ආධාර එපා කිව්වා සෞඛ්‍ය අමාත්‍යාංශයට. ඕන තරම් අපිට මුදල් තියෙනවා කිව්වා. හැබයි පහුගිය දවස්වල රිජ්වේ ළමා රෝහලයි, අපේක්ෂා රෝහලෙයි මේ දැනුම්දීමක් දැම්මා ඉන්ටර්නෙට් එකේ මේ බෙහෙත් තියෙනවා නම් පරිත්‍යාග කරන්න කියලා. මුදල් පරිත්‍යාග. දවස් දෙකකින් ඒක අයින් කරා. බෙහෙත් දෙන එක නෙවෙයි ගරු සභාපතිතුමිය කරේ. දාපු පණිවිඩය අයින් කරපු එක. ආණ්ඩුවේ ලැජ්ජාව වහගන්න. ආණ්ඩුවේ ලැජ්ජාව වහගන්න පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන දේත් අයින් කරන තැනට ඇවිල්ලා තියෙනවා.

එක්කෝ ආණ්ඩුව බෙහෙත් ටික දෙන්න ඕනේ. එහෙම නැත්නම් දෙන කෙනෙක්ට දෙන්න දෙන්න ඕනේ. ඒක කරන්නේ නැතුව ආ පණිවිඩය අයින් කරලා එක පැත්තකින් ආණ්ඩුව උත්සාහ කරනවා තමන්ගේ නොහැකියාව වහගන්න.

​දැන් බලයට ඇවිල්ලා අවුරුදු දෙකක් ඉවරයි. පොරොන්දු වෙච්ච කිසි දෙයක් කරලා නැහැ. දැන් ඔබතුමාලා මොකද්ද කරන්නේ? මේක වහගන්න, මේක වහගන්න ඔබතුමාලා මොකද්ද කරන්නේ? මේක වහගන්න ඔබතුමාලා මර්ධනය පාවිච්චි කරනවා. දැන් ආයේ තෙල් පෝලිම් ටික ඇවිල්ලා තියෙනවා. ඩීසල්, පෙට්‍රල් ප්‍රශ්නයක් තියෙනවා. ජනාධිපතිතුමා පළවෙනි රැස්වීමේ කිව්වා අපි ලෝක වෙළඳපොලේ මිල වැඩි වුනත් අපි වැඩි කරන්නේ නැහැ කිව්වා. ඒ ගානට මතකයි හිනා යනවා කියනකොට. ඒ ගානටම දෙනවා කිව්වා. කොමිස් ටික අයින් කරගෙන, බදු අඩු කරනවා කිව්වා. බාන ගානට දෙනවා කිව්වා. ඒවා නැහැ, බාන ගානට දෙනවා කිව්වා දැන් බාන ගානටත් තෙල් නැති කරලා. හැබයි අනික් පැත්තෙන් මොකද්ද කරේ? රුපියල් 100කින් ඔබතුමාලා බලය ගත්තට පස්සේ රුපියල් 100කින් තෙල් වැඩි වෙලා තියෙනවා. ආයේ බදු අයින් කරලත් නැහැ. බදු රුපියල් 30කින් වැඩි වෙලා පහුගිය කාලෙට වඩා.

​හැබයි මේවා නෙවෙයි ඔබතුමන්ලා පොරොන්දු වුනේ. හැබයි පොරොන්දු වෙච්ච ඒවා වෙලා ජනතාවට සහනයක් දෙනවා නම් ඒකත් කමක් නැහැ. හැබයි එහෙමත් නැහැ. දැන් මොකද්ද කරන්නේ? මේක වහගන්න ඔබතුමාලාගේ සුපුරුදු JVP එකේ මර්ධනය පාවිච්චි කරනවා. ආ දැන් අපේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ සිද්ධිය. ඒ සම්බන්ධයෙන් ආචාර්ය අපේ කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ ලිඛිතව දැනුම්දීමක් කරා. ඒ පිළිබඳව උන්වහන්සේගේ සහ සංඝ සභාවේ පණිවිඩය දුන්නා. මොකද්ද කරේ? තුට්ටු දෙකකට ගණන් ගත්තේ නැහැ. හැබයි ඒක ඉතින් අහන්න දෙයක් නෙවෙයි. මොකද මහා නායක හාමුදුරුවන්ගේ ලිඛිතව දැනුම් දීපු කාරණය දෙවතාවක්ම ඔබතුමාලාගේ ආණ්ඩුව විසි කරලා දැම්මා. හැබයි ඒ කාලේ ආ ජීවිත බේරගන්න කියලා පන්සල් වල හිටියේ, සමහරුන්ගේ උපාධි තියෙන්නෙත් මහණ නමට.

​එදා ජීවිත බේරගන්න මහා සංඝරත්නය පිටිපස්සේ හැංගිලා ජීවිතය බේරගත්තු ඔබ, අද ගරු සභාපතිතුමිය එලව එලව මහා සංඝරත්නයට පහර දෙනවා. හැබයි මේ ඇහුවම කියන්නේ ජාතිවාදය. නැහැ මේ ජාතිවාදය නෙවෙයි. ස්වාමීන් වහන්සේ නමක් සහ බෞද්ධයෙක් තමන්ගේ ආගම, තමන්ගේ විශ්වාස කරන ධර්මය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීම ජාතිවාදයක් නෙවෙයි ගරු සභාපතිතුමිය. ඒක වැරදියට අර්ථකථනය කරන්න ලෑස්ති වෙන්න එපා. ඒක වැරදියට අර්ථකථනය කරන්න ලෑස්ති වෙන්න එපා.

​හැබයි ඔබතුමුන්නාන්සේලා මොකද්ද කරන්නේ? ආ හිනා වෙන්න. මහා සංඝරත්නයට ගරහලා, අගෞරව කර කර හිනා වෙවී ඉන්න. දැන් ඒකනේ තියෙන අමාරුව. එක පැත්තකින් සංස්කෘතියට ගහනවා. රණවිරුවන්ට ගහනවා. දැන් LTTE ත්‍රස්තවාදී සමරන්න ඉඩ දෙනවා. හැබයි අර පහුගිය කාලේ ආර්චුනා කොටියා කිව්වා කියලා ඒකට පරීක්ෂණයක් කරනවා. හැබයි ඔබතුමාලාගේ ඇමතිවරු ගිහිල්ලා මල් මාල දාන ඒවා, තිලීපන්ගෙ, ඒවා හොඳයි. මල් මාල දාන්න හොඳයි. හැබයි විපක්ෂයේ කෙනෙක් ගිහිල්ලා කොටියා කිව්වම ඒ ගැන ගැන පරීක්ෂණයක් කරනවා. හැබයි මේකද ඔබතුමුන්නාන්සේලාගේ ජාතිවාදය?

​මතක තියාගන්න, ඔබතුමාලා ජාතිවාදය අවුස්සන්නේ නැහැ කිය කිය, ජාතිවාදය අවුස්සන්නේ නැහැ කියලා ඔබතුමාලාගේ ප්‍රතිපත්තිය තහවුරු කරන්න කියලා මේ රටේ මහා සංඝරත්නයටයි, බුද්ධ ධර්මයටයි, බෞද්ධ සංස්කෘතියටයි ගහන්න පටන් ගත්තොත්, ගහන්න පටන් ගැනීම තුළ ඔබතුමුන්නාන්සේලා මේ රටේ නැති ජාතිවාදයක් අවුස්සන තැනට මේ රට පරිවර්තනය කරනවා. ඒක මතක තියාගන්න.

ඔබතුමාලා හිතනවා නම් බෞද්ධ හාමුදුරුවරු, මහා සංඝරත්නයට අගෞරව කරන එක, මහා සංඝරත්නය විවේචනය කරන එක, ආ අපේ හාමුදුරුවන්ගේ සිවුර ගලවන එක ඔබතුමාලාගේ ප්‍රතිපත්තිය මහා දැවැන්ත ජයග්‍රහණයක් කියලා ගරු සභාපතිතුමිය, මතක තියාගන්න. මේ රටේ බෞද්ධ දර්ශනයත්, බෞද්ධ ධර්මය සහ බෞද්ධ දර්ශනය මත කේන්ද්‍ර වෙලා හැදිච්ච සමාජයක් නිසා තමයි මේ රටේ සියලු ආගම් ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒක තමයි ඇත්ත. ඒක පිළිගන්න කැමති නොවී නැති වෙන්න පුළුවන්. හැබයි ඒක තමයි යථාර්ථය. ඒ අවිහිංසාවාදයට විරුද්ධව ඔබතුමුන්නාන්සේලාගේ දේශපාලන මර්ධනය ක්‍රියාත්මක කරන්න එපා. ඒක කරන්න එපා.

​දැන් වෙනත් රටක ඉන්න රජකෙනෙක්ගෙන් ජනාධිපති සමාව ඉල්ලනවා. ඉතින් අපේ එක්කෙනාට ක්‍රියාවෙන් පෙන්නන්න පුළුවන්නේ. වෙනත් රටක තමන්ගේ රටේ තියෙන නීත්‍යානුකූලව ඒ ආගමට අනුකූලව යම්කිසි කෙනෙක් කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපේ ජනාධිපතිතුමා පැනලා සමාව ඉල්ලන්නේ. ඒක හොඳ දෙයක්, ඒ සමාව දෙන්න ඕනේ. හැබයි ඒක දෙන්න, ඒක දෙන්න, ඒක දෙන්න ඕනේ. හැබයි ඒක හින්දම අපේ එක්කෙනා දැනගන්න ඕනේ ආදර්ශයක් වෙන්න. අපේ එක්කෙනා කොලේ වහලා ගහලා තව රටකට ගිහිල්ලා තව කතාවක් කියන්න බැහැ ගරු සභාපතිතුමිය. ඒ හින්දා ඔබතුමුන්නාන්සේට අවසාන වශයෙන් කියන්නේ, ඔබතුමුන්නාන්සේලා හිතන් ඉන්නවා නම් මේ මර්ධනය කරලා, බුද්ධාගමට නැත්නම් මහා සංඝරත්නය වෙනුවෙන් පෙනී සිටින අයව මර්ධනය කරලා, ඔබතුමුන්නාන්සේලාගේ හිරගෙවල් වල දාලා ඔබතුමුන්නාන්සේලාගේ දේශපාලනය කරන්න පුළුවන් කියලා, ඒක සාර්ථක වෙන්නේ නැහැ කියන එකත් ගරු සභාපතිතුමිය මතක තියාගන්න.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්තිව අධිකරණයට රැගෙන යයි!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද...

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවක්!

කොළඹ LNW:පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කර තිබූ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය...

ලොව නිදහස්ම ආර්ථිකය ලෙස හොංකොං විශේෂ පරිපාලන කලාපය යළිත් ඉදිරියෙන්!

කොළඹ LNW:ලොව නිදහස්ම ආර්ථිකය ලෙස හොංකොං විශේෂ පරිපාලන කලාපය...

ක්ෂය රෝග මර්දනයට ඉන්දීය රජයෙන් අතහිත!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : රුපියල් මිලියන 52...