මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර යළි සේවයේ පිහිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW :

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කෝසල සේනාධීර මහතා යළි සේවයේ පිහිටුවීමට පියවර ගෙන තිබේ.

ඔහු කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී සේවය අත්හිටුවීමට ලක්ව සිටියේය.

මීට පෙර ඔහුට එල්ල වී තිබුණේ නිල නිවසට අනවසරයෙන් විදුලිය සහ ජලය ලබාගත් බවට වන චෝදනාවකි.

මේ සම්බන්ධයෙන් අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් මාස 27ක කාලයක් තිස්සේ විධිමත් විමර්ශනයක් සිදු කර ඇත.

ඒ අනුව සියලු චෝදනාවලින් නිදොස් වූ ඔහු, හිඟ වැටුප් ද සහිතව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අනුයුක්ත කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චන්දන සූරියආරච්චි අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : අතුරුගිරිය පොලිසිය විසින්...

හිටපු වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝට ඇමෙරිකාව මේ සතියේ තවත් චෝදනා ගොනු කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 08: මේ වන...

පස්වරු 1.00න් පසු ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : දිවයින පුරා පස්වරු...

ශිරන්තිට විශේෂ ආරක්ෂාවක්:පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමටත් අවසර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...