ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නීති ප්‍රධානියාගෙන් නව පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නීති අංශ ප්‍රධානී නීතිඥ ආචාර්ය චානක සේනානායක විසින් ක්‍රිකට් නව පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොණු කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1)වැනි ව්‍යවස්ථාව යටතේ විශේෂ තීරණයක් ලබාදෙන ලෙසයි ඔහු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.

යෝජිත මෙම නව පනත මඟින් දිස්ත්‍රික් සංගම්වලට ජන්ද අයිතිය අහිමි කරන බවත් සමාජ ජන්ද වලින් 80%කට වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතේ සමාජ වෙත පවරන බවත් ස්වාධීන විය යුතු ආයතනයක් මත විධායකයට අධික පාලනයක් ලබා දෙන බවත් ආචාර්ය චානක සේනානායක සිය පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

මෙම පෙත්සම මගින් සමස්ත පනත කෙටුම්පතම බලරහිත කිරීමට ඉල්ලා නොසිටින අතර ක්‍රිකට් පාලන ආයතනය සෑම පළාතකටම සාධාරණ වන පරිදි සහ අනවශ්‍ය දේශපාලන පාලනයෙන් තොර වන පරිදි සංශෝධනය සිදුකිරීම එහි අරමුණයි.

නීතිපතිවරයා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දක්වා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට!

කොළඹ LNW:ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (08) සැලකිය...

අධ්‍යාපන ප්‍රමිතිකරණය සහ වෘත්තීය සංවර්ධනය වෙනුවෙන් ‘අධ්‍යාපන සභාව’ වෙනුවෙන් පනත් කෙටුම්පතක්!

කොළඹ LNW:මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමිතිකරණය, වෘත්තීය සංවර්ධනය සහ ගුරු...

චන්දන සූරියආරච්චි ඇප මත මුදාහරියි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ජාතික ජන බලවේගයේ...

ලොව ප්‍රථම ක්‍රියාකාරී න්‍යෂ්ටික ප්‍රකාශ ඔරලෝසුව චීනයෙන්!

කොළඹ LNW:ලෝකයේ පළමු ක්‍රියාකාරී න්‍යෂ්ටික ප්‍රකාශ ඔරලෝසුව නිර්මාණය කිරීමට...