ශිරන්ති බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW :

මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මිය බන්ධනාගාර වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

මූලික වෛද්‍ය පරීක්ෂණ සඳහා අවශ්‍ය සාම්පල ද ඇයගෙන් ලබාගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (වැඩබලන) ප්‍රසාද් හේමන්ත මහතා පැවසීය.

ශිරන්ති රාජපක්ෂ මහත්මියව මේ වන විට රඳවා ඇත්තේ රෝගී රැඳවියන් සඳහා වෙන් කර ඇති කාන්තා රඳවා ගැනීමේ අංශයේ බව ද වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

ඊයේ පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇයව මෙම මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සුවදුක් විමසා බැලීය.

රාජ්‍ය බැංකුවකින් ලබාගත් රුපියල් මිලියන 10ක මුදලක් අවභාවිත කිරීම මගින් අල්ලස් පනත සහ රාජ්‍ය දේපළ පනත යටතේ වැරදි සිදු කළ බවට වන චෝදනා මත ශිරන්ති රාජපක්ෂ මහත්මියව පසුගිය ඔක්තෝබර් 7 වන දින උදෑසන අත්අඩංගුවට ගනු ලැබීය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදී.

මේ අතර, මෙම සිද්ධියට අදාළ විමර්ශනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රාජ්‍ය බැංකුවක හිටපු සභාපතිවරයෙකු වන ප්‍රදීප් කාරියවසම් මහතා ඇප මත මුදා හැර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ක්ෂණික වෙනස…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා ටෙස්ට්...

දූෂණ විරෝධී සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී...

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පර්යේෂණ සඳහා AI සහ නවෝත්පාදන පුහුණුව සාර්ථකයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තු...

රු. මිලි. 8.85ක වන්දි ඉල්ලා ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ඇරඹේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : මූලික විරෝධතා අධිකරණය...