ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය බන්ධනාගාර රෝහලේ වෛද්‍ය නිර්දේශ මත කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට මාරු කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පවසයි.
සිරිලිය සවිය ගිණුමට අදාළ විමර්ශනයක් මත ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදුව හෙට (13) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.


