සටහන – රුවන් නෙළුගොල්ල
2025 වසරේ අගෝස්තු 14 වැනිදායින් පසු පළමුවරට ඊයේ (14) දිනයේදී කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 20,000 සීමාවෙන් පහළට වැටී තිබේ.
ඒ අනුව, ඊයේ දිනයේදී සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 281.42කින් පහත වැටී, ගනුදෙනු අවසානයේ ඒකක 19,796.06ක් වශයෙන් සටහන්ව තිබිණි.
එසේම S&P SL20 මිල දර්ශකය ද ඊයේ දිනයේදී ඒකක 53.67කින් පහත වැටී ඒකක 5,676.43ක් වශයෙන් සටහන්ව තිබිණි.
2026 පෙබරවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 4000කින් පමණ පහළ බැස ඇති බව පෙනේ.




