රනිල් කියන්නෙ බොරු, අපි එහෙම පොරොන්දුවක් දීලා නෑ – ජපානයෙන් ක්ෂණික ප්‍රතිචාර

Date:

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ණය හිමියන් සමග පැවැත්වෙන ණය සමුළුවක සම සභාපතීත්වය දැරීමට ජපානය එකඟ වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් එම ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය බව ජපානය රොයිටර් පුවත් සේවය සමග පවසා තිබෙනවා.

ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කතාවෙන් පැයක් ඉක්ම යාමටත් මත්තෙන් ටෝකියෝහි නිලධාරියෙකු රොයිටර් පුවත් සේවය සමග පවසා තිබෙන්නේ ණය සමුළුවක සම සභාපතීත්වය දැරීම සම්බන්ධයෙන් ජපානය මේ දක්වා පොරොන්දුවක් ලබා දී නොමැති බවයි.

ජපානය සම සභාපතීත්වය දරනු ඇතැයි යන්න ශ්‍රී ලංකා රජයේ බලාපොරොත්තුව වියහැකි නමුත් ජපාන රජය තවමත් අවසන් තීරණයකට පැමිණ නොමැති බවත්, කෙසේ නමුත් ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගය ලබාදෙන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

චීනය, ජපානය, ඉන්දියාව වැනි ද්විපාර්ශ්වික ණය හිමියන් සහ වෙනත් සංවිධාන සමග ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා රජය පසුවන අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම සඳහා ණය හිමියන් සමග එවැනි එකඟතාවයකට පැමිණීම අනිවාර්ය වී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි !

2004 වසරේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක රුධිර...

“සීනි බදු වංචාව” : කිසිදු අපරාධමය වරදක් නෑ. නඩුව අවසන් !

2020 වසරේ ඔක්තෝබර් මාසයේදී සීනි සඳහා පනවා තිබූ රුපියල්...

අද (14) දවසේ මි.මී. 100 තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 14) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

ඉරානයෙන් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් ! (VIDEO)

ඉරානය විසින් ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවරට සහ ටෙල් අවීව් නගරයට...