කථානායක ජගත්ට එරෙහි විශ්වාසභංග විවාදය ගැන තීරණය අද

සටහන – රුවන් නෙළුගොල්ල

කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳ අද (16) තිරණය කිරීමට නියමිත බා වාර්තා වේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගැනීමට නියමිත ය.

එම කාරක සභාව අද පෙරවරුවේ නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව ඇත.

කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි චෝදනා 50ක් ඇතුළත් විශ්වාසභංග යෝජනාව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විසින් පසුගියදා පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය වෙත භාරදෙනු ලැබිණි.

පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවට වැඩිම චෝදනා ප්‍රමාණයක් ඇතුළත් වූ අවස්ථාවත් මෙය බව සඳහන්.

කථානායක ජගත් වික්‍රමරත්න මහතා මේ වනවිට බෙල්ජියමේ සංචාරයක නිරතව සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද නවෝත්පාදනය – හෙට පෝෂණය: ලෝක ආහාර දිනයේදී මතු වන ප්‍රධාන අභියෝගය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : ලොව පුරා මිලියන...

හෙළ ගීත කලාවේ අමරණීය ‘ස්වර්ණ කිකිණි රාවය’ ප්‍රවීන ගේය පද රචක සෝමපාල ලීලානන්දයන් දිවි සැරිය නිම කරයි

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලාංකේය සිනමාවටත්, ගීත සාහිත්‍යයටත් සිය...

ලොකු පැටීගේ ප්‍රධාන වෙඩික්කරු ඝාතනය : ගාල්ල අපරාධ කොට්ඨාසයේ හිටපු OIC අත්අඩංගුවට !

ලොකු පැටී නමැති පාතාල නායකයාගේ ප්‍රධාන වෙඩික්කරු බව පැවසෙන...