ව්යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නම සහ ප්රතිරූපය අවභාවිත කරමින් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන ව්යාජ කෘත්රිම බුද්ධි වීඩියෝ සම්බන්ධයෙන් ඔහුගේ කාර්යාලය විසින් දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
එම අන්තර්ජාල වීඩියෝවල අඩංගු ආයෝජන ක්රමවේද හෝ වේදිකා සමඟ ඔහුට කිසිදු සම්බන්ධයක් නොමැති බව එම නිවේදනය මඟින් අවධාරණය කර ඇත.
මෙම කෘත්රිම වීඩියෝ මහජනතාව නොමඟ යැවීමේ අරමුණින් නිර්මාණය කරන ලද ද්වේෂසහගත ප්රචාරණ කටයුත්තක් බව ඔහුගේ කාර්යාලය පෙන්වා දෙයි.
එබැවින්, එවැනි ව්යාජ අන්තර්ගතයන් දුටු වහාම අදාළ සමාජ මාධ්ය වේදිකාවලට, ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදයට ([email protected]) හෝ පොලිසියට (Sri Lanka CERT) වාර්තා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
සත්ය තොරතුරු ලබා ගැනීම සඳහා ධම්මික පෙරේරා මහතාගේ නිල සමාජ මාධ්ය ගිණුම් පමණක් භාවිත කරන ලෙස ජනතාවට වැඩිදුරටත් උපදෙස් දී ඇත.


