නාමල් සහ ජානකී යළි රිමාන්ඩ්!

කොළඹ LNW:ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන මහත්මිය ලබන 23 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සැකකාර ජානකී සිරිවර්ධන මහත්මිය ඉදිරිපත් කළ ඇප ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කර තිබෙන බවත් නාමල් රාජපක්ෂ මහතාගේ ඇප නියෝගය සූදානම් කර නොමැති බැවින් එය ඊළඟ නඩු දිනයේදී ප්‍රකාශයට පත් කරන බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සඳහන් කර ඇත.

ක්‍රිෂ් සමාගමේ කටයුතුවලට අදාළව රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් වශයෙන් ලබාදීම සහ ලබාගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා හදිසි...

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ජාවාරමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : ඉන්දියාවේ සිට මුහුදු...

කාඩ්පත් හිඟයක් : රියදුරු බලපත්‍ර 673,000ක් මුද්‍රණය කිරීම අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : මුද්‍රණ යන්ත්‍ර සහ...

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු...