කාවන්තිස්සට මියයන්න වෙන්නේ ….

කාවන්තිස්සට මියයන්න වෙන්නේ පොහොසත් රටක ලස්සන ජීවිතයක් අපි ගතකරන වෙලාවක.

ලොරි කබල් විසි කරලා මෙට්‍රෝ බස් වල නැගල සූ ගාල එහෙ මෙහෙ යන රටක.

70 වසරක සාපය අවසන් වෙලා, පුනරුදයක් ඇවිල්ල, හොරු කියන කට්ටියක් හිරේ ගිහිල්ල, දක්ෂම දක්ෂ වැඩ්ඩෝ ටිකක් වැඩේට බැහැල ඉන්න වෙලාවක.

ඔක්කොම දත්ත ඩිජිටල් වෙලා ඇප් ඇවිල්ල සියල්ල ලේසි වෙලා තියෙන වෙලාවක.

භාණ්ඩාගාරේ උතුරන්න බදු සල්ලි ගොඩගැහිලා තියෙන වෙලාවක. සල්ලි වලට කරන්න දෙයක් නැතුව සතියට වතාවක් දෙකක් ලොකු කැනපි හට් ගහල තුන් හාර දාහ දාල රම්පෙට පොරි හැලෙන්න කතා පවත්වන වෙලාවක.

සල්ලි තියෙන හින්දම කැම්පස් 50ක්, 4G කුළුණු 100ක්, ගෙවල් 60000ක් හැදෙන වෙලාවක.

තවත් සල්ලි නැත්නම් ඩඩ්ලි හාමු ලෝස් නැතුව වියදම් කරන්න කැමති කියල ෆේස්බුක් පෝස්ට් දාන වෙලාවක.

හොදම ඇමතියෙක්, හොදම පශු වෛද්‍ය සෙට් එකක් ඉන්න වෙලාවක. බේත් කරන්න අපේ උං මදිනම් තායිලන්තෙන් සෙට් බස්සන්න හිටපු වෙලාවක. පශු වෛද්‍ය උං උඹත් එක්ක සෙල්ෆි ගන්න වෙලාවක.

උඹේ ෆොටෝ ගහන්න සංචාරකයෝ අම්මට සිරි වෙන්න එන වෙලාවක.

ඒත් උඹේ අවසන් හුස්ම යන වෙලාවේ උඹේ හිසට උඩින් එක කැනපියක්වත් තිබ්බේ නැති වෙලාවක.

කවදාවත් නැති තරම් අහස අඳුරු වෙලාවක.

සුබ ගමන් කියන්නවත් හිත දෙන්නේ නැති වෙලාවක….

~ මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...

අද (17) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 17) දිනයේදී දිවයිනේ බොහෝ...